මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟාවලිය මේවන විටත් ජාත්‍යන්තර අවධානය දිනාගෙන අවසන්ය. එහෙත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය දිනාගත් පුවත් නිර්මාණය වීම නම් අවසන් වී නොමැත.

හෙට (29) දිනයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ  ආරම්භ වන ටෙස්ට තරඟාවලියද මේවන විටත් ජාත්‍යන්තරයේ පුවත් නිර්මාණය කිරීමට සමත්ව ඇත. මීට හේතුවී ඇත්තේ අන් කිසිවක් නොව ගාලු ක්‍රීඩාංගනය පුරාවට දෙරටේ වර්ණ නියෝජනය කරමින් විශාල දුරකට ඇදීයන ගෑස් පෝලිමයි.

සිඩ්නි හැරල්ඩ් පුවත්පත වාර්තා කරන අන්දමට මෙම දකුණු රටේ ගාලු පුරවරේ වැසියන් ඉතා සූක්ෂමව සිදුකළ විරෝධා ව්‍යාපරයකි. මෙලෙස ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ක්‍රීඩා පිටිය ඉදිරිපිට මාර්ගය පුරාවට ඉතාම පිලිවෙලට තබා විශාල පණිවුඩයක් කියාපෑමට මෙරට වැසියන් ක්‍රියාකර ඇත.


මෙම ගෑස් සිලින්ඩර   තරඟයට පෙර ඉවත්කර ගන්නා ලෙසට පොලිසිය විසින් දැනුම් දුන්නද ජනතාවට එය මායිම් නොකර ඇති බවද හොඳින්ම පෙනීයන බව අදාල පුවත්පත වාර්තා කර තිබීම ආණ්ඩුවට එරෙහිව ජනතාව තුළ පවතින විරෝධය ජාත්‍යන්තරයමට ගෙනයාමකි.

මෙරට තත්ත්වය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා ටෙස්ට් නායක පැට් කමින්ස් සිය අත්දැකීම් මෙලෙසෙ විස්තරක කර ඇත.

‟ශ්‍රී ලංකාවට පැමිණ සාමන්‍ය තත්ත්වයක් අත් දැකීමට හැකිවීම  සම්බන්ධව නම්  අපි ඇත්තම වාසනාවන්තයි.  මට ලංකාවෙ  තරුණ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක් සමඟ දුරකථන සංවාදයක යෙදෙන්න අවස්ථාව ලැබුණා. එහිදී ඇය පවසා සිටියේ දවසටම එක් වෙලක් පමණක් ආහාර ගන්නා බවයි. ඒ වගේම සතියට පාසල් යන්නේ දින දෙකක් පමණක් බවයි. ඊට හේතුව විදිහට ඇය පවසා සිටියේ ගුරුවරුන්ට පාසලට පැමිණීමට නොහැකි නිසා මේ තත්ත්වය ඇතිව තිබෙන බවයි”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව දේශපාලන අධිකාරිය මෙන්ම ක්‍රිකට් පරිපාලනය රටේ පවතින යථාර්ථය වසං කිරීමට උත්සාහ කළද ජනාතව විඳින දුක මේවන විටත් මනාව පෙනීයන බවද අදාල පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත.

 

Exit mobile version