මාස හයකදී කොළඹ නිවාස තුළ කොවිඩ් රෝගීන් 78ක් මියගිහින්

නතාෂා නෙත්මිණි

ගෙවී ගිය මාස 6ක කාලය තුල කොළඹ නරග සීමා බලප්‍රදේශය තුල කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් නිවස තුල පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා සදහන් කරයි.

මෙසේ නිවස තුල මියගොස් ඇති පුද්ගලයින් 383 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඔවුන් ට සිදුකළ පීසීආර් පරික්ෂණයකින් අනතුරුව මෙම 78 දෙනා හදුනා ගැනීමට හැකි වූ බව වෛද්‍ය තෙන්කෝන් මහතා සදහන් කරයි


නිවසේ මියගිය පුද්ගලයින්ගේ පීසීආර් පරික්ෂණ පසුගිය ජූනි මාසයේ සිට ආරම්භ වුවද මුල්ම කොවිඩි ආසාදිත මරණය පසුගිය ඔක්තෝම්බර් 26වන දින වාර්තා වූ බවත් එතැන් සිට දෙසැම්බර් 27වන දින තෙක් කොවිඩ් ආසාදිතයින් 78 දෙනෙකු හදුනාගත් බවද වෛද්‍ය තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම පසුගිය දෙසැම්බර් 01 සිට 25 වන දා දක්වා පමණක් ජාතික රෝහලට වාර්තා වී ඇති නිවෙස් තුළම මිය ගිය පුද්ගලයන් ගණන 130ක් බවත් ඉන් 37 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවත් තහවුරු වූ බව ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි.

Exit mobile version