මාසෙකට කෝටි 90ටත් වඩා අපෙන් කොල්ල කන දුරකථන ඇප් මාෆියාව

කොල්ල කෑම සිදුවන්නේ දුරකථන සමාගම් දැනුවත්ව...

කවදා හෝ ඔබ නොදැන ඔබට අනවශ්ය සේවාවක් සඳහා ඔබ විසින් දුරකථන සමාගම්වලට ගෙවන රීලෝඩ් වලින්, මාසික ගෙවීම් වලින් මුදල් කැපිලා තියනව ද?.

එය ප්රධාන දුරකථන සමාගම් දැනුවත්වම කරන අතිශය කූට ජාවරමක් බවත් ඔබ ඒ ජාවාරමේ පහසු ගොදුරක් වී ඇති බවත් ඔබ දැන සිටියා ද?

එසේ නම් ඉතාම හොඳින් අප කියන මේ කතාවට සවන් දෙන්න.


ලංකාවේ පිළිගත් ප්රධාන දුරකථන සමාගම් සියල්ලක්ම කුමක් හෝ ඇප් එකක් හදලා විවිධ සේවාවන් සලසන්න අවස්ථාවක් තුන්වන පාර්ශවයක් වෙත ලබා දී තිබෙනවා. සමහර ආයතන ඒ සඳහා මුදලක් අරගෙන නිශ්ඡිත සේවාවක් සපයනවා. උදාහරණ තමයි ප්රධාන ප්රවෘත්ති ඒජන්සි විසින් ලබා දෙන නිවුස් ඇලට් සේවය.

නමුත් සමහර පුද්ගලයන් හෝ අසංවිධිත ආයතන ඇප් හදලා තියනවා පාරිභෝගිකයාට කිසි සේත්ම වැදගත් නොවන සේවාවන්වලට. ඒ සඳහා පාරිභෝගිකයාගේ කැමැත්කින් තොරව ලියාපදිංචි කරගන්නවා. සමහරු ඒක කරන්නේ කිසිම සේවාවක් නොදී මුදල් කපා ගන්න ආකාරයට අපේ ජංගම දුරකථන තුළ ඔවුන්ගේ ඇප් ඇක්ටිව් කරනවා.

කොහොමද ඒක වෙන්නෙ?

එහෙම ඇක්ටිව් කරන විධි කීපයක් තියනවා. එකක් වෙන්නෙ මෙහෙමයි. ඔබේ දුරකථනයට සමහර විට වෙබ් එකක ලින්ක් එනවා ඇති මැසේජ් විදිහට. ඒ වෙබ් එක බොහොම ආකර්ෂණීය එකක් වෙන්න පුලුවන්. ඒ ලින්ක් එක ක්ලික් කළාම ඔවුන් ඔබේ දුරකථන අංකය ඉල්ලනවා. නම්බර් එක දැම්මාම මැසේජ් එකක් එනවා. එය ක්ලික් කළ ගමන් ඔබේ දුරකථනයෙන් මුදල් කැපෙන්න ගන්නවා. ඔබ දන්නෙ නෑ මොකද උනේ කියලා. ඔබ දන්නෙ නෑ මුදල් කැපෙන එක කොහොමද උනේ කියලා. ඒ වගේ වෙබ් අඩවිවලින් එන ආරාධනා හොඳම විශ්වාසයකින් තොරව පිලිගන්න එපා.

පොප් අප් මැසේජ්

දෙවෙනි එක තමයි අපේ ජංගම දුරකථනවලට එන පොප් අප් මැසේජ්. මැසේජර්ස් ඒක ඕකේ කළොත් සල්ලි කැපෙනවා. කැන්සල් කළොත් සල්ලි කැපෙන්නෙ නැ. බොහෝ දෙනෙකන් මේ කියන මැසෙජ් එක මොකක්ද දන්නෙත් නෑ. කියවන්නෙත් නෑ. මැසේජ් එක ස්ක්රීන් එකෙන් අයින් කරගන්න ඕන නිසා ඕකේ එක එබුවොත් ඒ ඇප් එකට රෙිජිස්ටර් වෙනවා. රෙජිස්ටර් වෙන වෙලාවෙ ඉඳන් සල්ලි කැපෙනවා. පොප් අප් මැසේජ් එකක් ස්ක්රීන් එකෙන් ඉවත් කරන්න කලින් එය කියවා තේරුම් ගන්න. තේරුම් අරන් එය ඉවත් කරගන්නා කමාන්ඩ් එක ටච් කරන්න.

කමියුනිකේෂන් අයියලා

තුන්වෙනි එක තමයි අපි කවුරුත් නොහිතන එක. මේ විදිහෙ ඇප් හදන අය කරන්නෙ සංවිධානාත්මක ව්යාපාරයක්. මේ ඇප් කාරයො පාරවල් අසල, කමියුනිකේෂන්වල සිම් විකුණන අයට කෝඩ් එකක් දෙනවා සිම් එක විකුණනකොටම ඇක්ටිව් කරන්න. ඇක්ටිව් කරන සෑම සිම් එකකටම රුපියල් සියයේ සිට තුන්සීය දක්වා මුදලක් ඇප් කරුවන් සිම් එක විකුණන පුද්ගලයාට ලබා දෙනවා. ඔවුන් සිම් එක විකුණන්නෙම ඒ කොර්ඩ් එක ගහලා ඇප් එක ඇක්ටිව් කරලා. සිම් එකක් අලුතින් අරන් කමියුනිකෂෙන් එකකින් ඒක දාගන්න යන ගොඩක් දෙනෙක් මේ වංචාවට හසු වෙනවා. ඇප් එක ඇක්ටිව් උන වෙලාව ඉඳන් සිම්වලට දාන රීඩ් ලෝඩ් එකකින් රුපියල් රුපියල දෙක කැපිලා යනවා. රුපියල් පහක් කැපෙන වෙලාවල් තියනවා. ගොඩක් වෙලාවට මේ පොඩි මුදල අපට දැනෙන්නෙ නෑ. අපට කිසිම සේවාවක් නොදී තමයි මේ මුදල ගසා කන්නෙ.

මේ විදිහටම මුදල් හොයාගෙන සුපිරි විදිහට ජීවත් වෙන ඇප් කාරයො ඉන්නවා. ඔවුන් තරුණයන් කීප දෙනෙක් හොයාගෙන සිම් විකුණනවා. සිම් එකේ මිලත් ඒ තරුණයන්ට දෙනවා . ඇප් එක ඇක්ටිව් කරනවට තව රුපියල් සීයක් දෙනවා. ඇප් එක ඇක්ටිව් වෙච්ච වෙලාවෙ ඉඳන් මුදල් කැපෙනවා.

දුරකථන සමාගම් මේ ජාවාරමට නවත්වන්න මැදිහත් නොවන්නේ ඇයි?

මේ ජරා වැඩේ නවත්වන්න එය නියාමනය කරන්න දුරකථන සමාගම්වලට පුලුවන්. අපෙන් මුදල් අරගෙන සර්විස් එකක් දෙන්න බැරි ඇප් ගැන පැමිණිල්ලක් ලැබුණට පස්සෙවත් ඒවා නිශ්ක්රීය කිරීමේ සාදාචාරයක් දුරකථන සමාගම්වලට තියනවා. හැබැයි දුරකථන සමාගම් ඒ වැඩේ කරන්නෙ නෑ. මොකද මේ සමාගම් ඇප් කාරන්ට තමන්ගෙ ජාලයට පිවිසිලා ව්යාපාරය කරන්න ප්රවේශය ලබා දෙන්නෙ මූලික ගෙවීම් වලින් අනතුරව උපයන ආදායමෙන් ප්රතිශතයක් ලබා ගැනීමේ එකඟතාවය මත. අනික ඇප් එකකින් කැපී යන්නේ පාරිභෝගිකයෙක් දුරකථන සමාගම් වෙත ලබා දෙන මුදල. ඉන් ප්රතිශතයක් නැවත සමාගම්වලට ලැබෙනවා.

මේ සමාගම් සහ ඇප් කාරයින් ජාවාරමෙන් දවසක නිකම් උපයන ලාභය මිලියන විස්සක් තිහක් වෙනවා. එහෙම වෙන්නේ මේ විදිහට. ලංකාවෙ ඇක්ටිව් සිම් ප්රමාණය බැලුවොත් දල වශයෙන් ජනගහණය වගේ දෙගුණයක්. ඒ කියන්නෙ අවම වශයෙන් කෝටි 04කට ආසන්න සිම්පත් ප්රමාණයක් ලංකාවේ ව්යවහාර වෙනවා. මින් වැඩිම සිම්පත් ප්රමාණයක් ඇක්ටිව් කරලා තියෙන්නෙ ලංකාවේ ප්රධානම දුරකථන සමාගම් දෙක්ක විසින්. මේ එක් ප්රධාන සමාගමක පාරිභෝගිකයන් ප්රමාණය මිලියන 15ක් පමණ නම්, ඔවුන්ගෙන් සියයට දහයක් දවසකට රුපියල් දෙකක් කැපෙන ආකාරයට මේ වංචාවට හසුවෙනවා නම් කිසිම සේවාවක් නොදී මේ සමාගම් සහ ඇප් කරුවන් දිනකට උපයන ලාභය මිලියන තුනයි. දල වශයෙන් මාසෙකට මිලියන අනූවයි. ඒ කියන්නෙ ලක්ෂ 900යි.

සමාගම් කියන කතාව මේ සමාගම් විසින්ම ඇප් කාරයන්ට තම ජාලය ඇතුළෙ ජාවාරම් කරන්න ප්රවේශය දීලා පාරිභෝගිකයෙක් පැමිණිලි කළාම කපාගත්තු මුදල් ආපසු ලබා දෙන්නෙ නෑ. ඔවුන් කියන්නේ මේ වැඩේ කරන්නෙ තර්ඩ් පාටි ඇප් එකක්. අපි දන්නෙ නෑ කියලා. ඔයා වැරදිලා ඇක්ටිව් වෙලා කියලා. හැබැයි අපි ඒ ආයතනයට දීපු සල්ලි තමයි මේ ගන්නෙ.

ඇප් කාරයන් එක්ක එකතු වෙලා කරන මේ ජාවාරමෙන් මේ කිසිම දුරකථන සමාගමකට බේරෙන්න බෑ. අවශ්ය වෙන්නෙ අප මේ ගැන දැනුවත් වීමයි. ඒ වෙනුවෙන් හඬක් නැගීමයි. අපි උපයන රුපියලක්වත් අපට නිකම් ලැබෙන්නෙ නෑ, ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. ඒ සෑම රුපියලකටම වටිනාකමක් තියනවා. ඒ නිසා ඒ සෑම ශතයකටම අදාල වටිනාකම දෙන්න. නිකරුනේ කිසිම ජාවාරමෙකුට අපව සූරා කන්න නොදී සිටිමේ අයිතියක් අපට තියනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අඩුම තරමේ මේ ජාවාරම තමන් දන්න බව මේ දුරකථන සමාගම් වලට කතා කරලා කියන්න හැකි පෞරුෂයක් හදා ගන්න. ඒක මේ රටේ හෙට දවසටත් වැදගත් අභ්‍යාසයක්  වේවි.

Exit mobile version