“මාස්ක් දාගෙන ඡන්දෙ දාන්න ගියොත් ඡන්ද දූෂණ විය හැකියි…”

ඉදිරි මහ මැතිවරණයේදී සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් මුඛ ආවරණ පැළඳ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදාකර දීම තුළින් මහා පරිමාණ ඡන්ද දූෂණ සිදු විය හැකි බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා පැවසීය.

මුඛ ආවරණ පැළඳ ඡන්දය පාවිච්චි කිරීමට යාමේදී සුමනාවතී කරුණාවතී වන බවත් රංබන්ඩා මුතුබණ්ඩා බවටත් පත්විය හැකි බව හෙතෙම කියා සිටියේය.

සෞඛ්‍ය පිළිවෙත්වලට අනුකූලව මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධව කරුණු දක්වමින් මේ බව සඳහන් කරන පී. හැරිසන් මහතා මුහුණු ආවරණය කරගෙන ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීමේදී පුද්ගලයින් හඳුනා ගැනීමේ බරපතළ ප්‍රශ්න මතුවන බව අනාවරණය කළේය.


මුහුණු ආවරණ පමණක් නොව මීටරයක දුරස්ථභාවයක් තබාගැනීම, ඡන්ද පෙට්ටි විෂබීජ හරණයට ලක් කිරීම, ඡන්ද ගණන් කරන ස්ථානවල අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් වැනි කටයුතුවලදී මෙවර මහ මැතිවරණය රටේ පැවැත්වූ දූෂිතම මැතිවරණය බවට පත්වීමේ ඉඩකඩ ස්ථිර කර තිබෙන බව ඒ මහතා පැවැසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඡන්දය අවසන් වී ප්‍රතිඵලය නිකුත් වීමෙන් පසු ඡන්ද දූෂණ ගැන කතා කිරීම්මෙන් පලක් නොවන බව පවසන හැරිසන් මහතා මෙම ගැටලු සියල්ල නිරාකරණය කොට සැක සංකා මතු නොවන ක්‍රමවේදයකට ඉදිරි මහා මැතිවරණය පවත්වන ලෙස සමගි ජන බලවේගය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බව වැඩිදුරටත් කීය.

Exit mobile version