මාව අපේ ජනබල පක්ෂයෙන් ඉවත් කරලා… කලබල වෙන්න එපා… මා අපේ ජනබල පක්ෂයේ නෙමෙයි… රතන හිමි

කීර්ති ප්‍රනාන්දු –

අපේ ජන බල පක්ෂයෙන් තමන්ව ඉවත් කළ බවට එම පක්ෂය විසින් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

රතන හිමියන් පවසන්නේ ඊයේ 15 දින තමන් වහන්සේට විනය පරීක්ෂණයක් සඳහා අපේ ජන බල පක්ෂය කැඳවීමක්  කර තිබූ බවයි. ඒත් ඒ සඳහා සහභාගිවීමට තමන්ට නොහැකි බැවින් නීතිඥයෙකු  යොමු කළ බවත්  නමුත් එම විනය පරීක්ෂණය සඳහා කිසිවකු රැස්ව සිටි නැති බවද උන්වහන්සේ පැවසූහ.

මේ පිළිබඳව වැඩිදුරටත්  අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ මෙසේ පැවසූහ.


“මැතිවරණ කොමසාරිස්වරයාට අපේ ජන බල පක්ෂය විසින් දැනුම් දී තියෙනවා මාව පක්ෂයෙන් ඉවත් කළා කියලා. මාව පක්ෂයෙන් ඉවත් කරන්න දෙයක් නැහැ. මම අපේ ජන බල පක්ෂයේ සාමාජිකයෙක්  නෙමෙයි. අපේ විජය ධරණි පක්ෂය අපේ ජනබල පක්ෂය සමග අවබෝධතා ගිවිසුමක් ඇතිවයි ඡන්දයට ඉදිරිපත් වුණේ.

ඒ නිසා අපේ ජනබල පක්ෂය ට මම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කැඳවන්න බැහැ. නමුත් අපේ ජන බල පක්ෂය මැතිවරණ කොමසාරිස් තුමාට ලිපියක් යවා තියෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එය නීතිමය කටයුත්තක්. කිසිම කෙනෙක් කලබල වෙන්න උවමනා නැහැ. මන්ත්‍රීධූරයෙන් ඉවත් කරන්න කියා ලිපියක් යවා නැහැ. සමහරවිට ඒක යවන්නත් පුළුවන්. නමුත් තවමත් මන්ත්‍රීධූරය පිළිබඳව ගැටලුවක් නැතැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

Exit mobile version