මාවනැල්ල ගරිකොරියේ පුපුරන ද්‍රව්‍ය අබිරහස විසඳෙයි

මාවනැල්ලේ ගල් කොරියක නැතිවූ පුපුරන ද්‍රව්‍ය තොගය සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙම ගල් කොරියෙහි සේවය කළ හුළං නැමති පුද්ගලයකු මෙම දුව්‍ය තොගය සොරකම් කොට පේරාදෙණිය බෝයගම ප්‍රදේශයේ පුද්ගලයන් සිව් දෙනකුට ලබා දී ඇති අතර මෙම පුපුරන ද්‍රව්‍ය තොගයද ඔවුන් සමඟ අද අත්අඩංගුවට ගත හැකි වූ බව පොලිසිය ප්‍රකාශ කළේය.

පේරාදෙණිය බෝයගම ප්‍රදේශයේ සිදු කෙරෙන නීති විරෝධී ගල් පිපිරවීම් සඳහා මෙම තොගය ඔවුන් ලබා ගෙන ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.


මෙම පුපුරන ද්‍රව්‍ය තොගය ගල් කොරියෙහි ගබඩාව බිඳ ලබා ගෙන ඇත්තේ එහි සේවය කර හුළං නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු වන අතර ඔහු මීට පෙර අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඊට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් සතුව තිබී පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 19ක් ඇතුළු මෙම භාණ්ඩ තොගය බෝයගම ප්‍රදේශයේ නිවාස කිහිපය සඟවා තිබී ඇත.

Exit mobile version