මාවනැල්ල අලුත්නුවර මාණික්කාව ප්රදේශයේ දී පුද්ගලයින් තුන් දෙනෙක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයෙක් අතුරුදහන්ව තිබේ.
පොලිසීය, මාවනැල්ල ප්රාදේශීය සභාවේ නිලධාරින් සහ ප්රදේශවාසීන් විසින් දියත් කළ මෙහෙයුමකින් මළ සිරුරු දෙකක් සොයාගෙන ඇත.
පස්කන්දට යට වී සිටින අනෙක් පුද්ගලයෙක් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්රියාත්මකව තිබේ.
නිවසක් ආසන්නයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් මතට මෙම පස් කන්ද අද පෙරවරුවේ දී කඩා වැටී ඇත.







