මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවලදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය අතිවිශිෂ්ටයි… – MINUSMA ප්‍රධානී පවසයි

දිලංක ගුණතිලක

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථආරක්ෂණ ඛණ්ඩය තමන්ට විශාල වත්කමක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත සහ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) ප්‍රධානී අල් ගාසීම් වේන් ( El- Ghassim Wane) මහතා පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ මාලි රාජ්‍යයේ සංචාරයක නිරත ශ්‍රීලාංකික නියෝජිත පිරිස සමඟ පැවැත්වූ සාකච්ඡාවේදීය. මෙම සාකච්ඡාවට මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන්, මේජර් ජෙනරල් හිරොෂන් වනිගසේකර සහ මේජ් ජෙනරල් දම්මි හේවගේ එක්වූහ.


එසේම මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ බලසේනාධිපති ලුතිතන් ජෙනරාල් කේස් මතිජ්සන් ( Kees Matthijssen) ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාලි රාජ්‍යයේ පවතින අභියෝගාත්මක පරිසරය හමුවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථආරක්ෂණ ඛණ්ඩය ඉටුකරන සේවය තමා ඉතා ඉහළින් අගය කරන බවත් ඔවුන්ගේ සේවය ඉතා විශිෂ්ට බවත් බවත් මෙහිදී අල් ගාසීම් වේන් (El- Ghassim Wane) මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version