මාලිමා රජය මගින් පසුගිය සමයේ සිදු කරන ලද අනවශ්‍ය මුදල් නාස්ති පිළිබඳව මේ දිනවල හෙළි කරමින් සිටියදී ලංකාවේ ධනවත්ම ආයතනයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් කරන ලද වියදම් පිළිබඳව අවධානයක් යොමු නොවීම සම්බන්ධව ක්‍රීඩා ක්ෂේත්රයට සම්බන්ධ බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ.
මේ සම්බන්ධව ලංකාසරට අදහස් දැක්ව ක්‍රීඩා සංගම් නිලධාරීන් ගණනාවක් පෙන්වා දුන්නේ වත්මන් රජය විසින් අනිවාර්යයෙන්ම විමසා බැලිය යුතු මෙම ක්ෂේත්රය සම්බන්ධව කටයුතු කරන ආකාරය පිළිබඳව දැඩි උනන්දුවකින් බලා සිටින බවය.
මොවුන් විශේෂයෙන් පවසන්නේ ක්‍රිකට් බලධාරීන් විසින් රටේ ව්‍යවස්ථාදායකයට එරෙහිව සහ අවනත නොවී අත්තනෝමතිකව හැසිරුන ආකාරය සම්බන්ධවත්, අමාත්‍යවරුවන් නතු කරගැනීම සඳහා ක්‍රිකට් අරමුදල් අල්ලස් ලෙස ලබා දෙමින් කළ නීති විරෝධී මුදල් පරිහරණ සම්බන්ධවත්, ඇත්ත හෙළිදරව් කළ මාධ්‍යවේදීන් හා ඔවුන්ගේ මාධ්‍ය ආයතනවලට එරෙහිව පවරන ලද නඩුවලට කරන ලද වියදම් සම්බන්ධවත් අනිවාර්ය අවධානය යොමු විය යුතුව ඇති බවය..
නීතිඥයන් සඳහා මිලියන ගණනක ගාස්තු කොළඹ එක්තරා ප්රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ ගිණුමකට බැර කොට ගෙවීමක් සම්බන්ධව එම ක්‍රීඩා සමාජ සභාපති වරයාටද එම සංගමයේ මහා සභා රැස්වීමේ දී කලිසම් ගලවාගෙන යාමට සිදු වූ බව ද ක්‍රීඩා සමාජයේ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.
මේ රටේ ජනතාවගේ දැඩි පිළිකුලට පත් වූ නීතියට වළංගු නොවන ක්‍රිකට් ආයතනයේ හැසිරීම් දාමය සම්බන්ධ නෛතික විමර්ශනයක් පිළිබඳ අවධානය යොමු නොකරන්නේ නම් එය මේ රජය අප්‍රසාදයට පත්වන එක් කාරණාවක් වනු ඇතැයි ද එම නිලධාරීහු පෙන්වා දෙති.







