මාලදිවයින් හිටපු ජනපති ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඝාතනයට තැත් කිරීමේ අපරාධයෙහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව මාලදිවයින පොලිසිය නිවේදනය කළේය.

මේ තැනැත්තා  25 හැවිරිදි අහුහාම් අහමඩ් රෂීඩ් නැමැති ආගමික අන්තවාදියෙකි.  මෙම ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකුවන 21 හැවිරිදි මුජාස් අහමඩ් සහ 32 හැවිරිදි තහ්මීන් අහමඩ් නැමැති අන්තවාදීන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. ප්‍රහාරයට සම්බන්ධ යැයි විශ්වාස කරන අනෙක් පුද්ගලයන් සම්බන්ධව  විමර්ශන ඇරඹී තිබේ.

මාලේ අගනුවර පිහිටි සිය   නිවසින් පිටත පසුගිය 06 වැනිදා සිදු වූ මෙම පිපිරීමෙන් 53 හැවිරිදි මොහොමඩ් නෂීඩ් හිටපු ජනාධිපතිවරයා බරපතල තුවාල ලබා රෝහල්ගත කළේය. ජනාධිපතිවරයා සමග එක් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් හා තවත් පුද්ගලයන් දෙදෙනෙක් ප්‍රහාරයෙන් තුවාල ලබා තිබිණි.


ඒඑෆ්පී පුවත් සේවය  පවසා තිබුනේ හිටපු ජනාධිපතිවරයාට අටවූ බෝම්බයෙන්   උපරිම හානියක් සිදුකිරීම සඳහා පුපුරණද්‍රව්‍ය සමග බෝල බෙයාරින්වලින් පුරවා තිබී ඇති බවය.

ප්‍රහාරයට ලක් වූ මොහොමඩ් නෂීඩ්ගේ තත්ත්වය  යහපත් අතට හැරී ඇති බව සෙනසුරාදා  පවුලේ අය නිවේදනය කළේය.

කෙසේ වෙතත් මොහොමඩ් නෂීඩ්   පැය 16ක ශල්‍යකර්මයකට භාජනය කළ බවත්, ඔහුගේ සිරුරෙන් කුඩා බෝම්බ කැබලි රාශියක්   ඉවත් කළ බවත්,    ඔහු   යහපත් තත්වයක පසුවන නමුත් දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ආරංචිමාර්ග පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2008 මැතිවරණයෙන් වසර හතරකට පසු කුමන්ත්‍රණයකින් නෙරපා හරින ලද නමුත් දැන් මාලදිවයින් පාර්ලිමේන්තුවේ දෙවන බලවත්ම තනතුර හොබවන්නේ මොහොමඩ් නෂීඩ්    අන්තවාදී  ඉස්ලාම් භක්තිකයින්ගේ දැඩි විවේචකයෙකි.

Exit mobile version