මාරක වස ගොවීන්ට යවා සමාගම් එක්ක ඩීල් දැමූ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ පැටිකිරිය හෙළි වේ…

විගණන වාර්තාව සියල්ල හෙළි කරයි...

ලලිත් චාමින්ද – 

ජාතික පොහොර ලේකම්කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන ලිපිගොනු 26කට අදාලව  අවස්ථා 34 කදි පොහොර සමාගම් 11 විසින් ආනයනය කොට තිබු ක්ෂේත්‍රය තුළ භාවිතයට නුසුදුසු පොහොර වර්ග 07ක් වෙළඳ පොළට මුදාහැරිම මෙන් වංචාවක් සිදුකිරිම හා  රුපියල් මිලියන 1072.7 පොහොර සහනාධාර මුදලක් වංචනිකව  පොහොර ආනයන සමාගම්වෙත ගෙවීම සම්බන්ධව ජාතික විගණන කාර්යාලය මගින් කරණු ලැබු විශේෂ විගණන පරික්ෂාවකදි අනාවරණය වි ඇත.

ජාතික පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදි  සිදු වි ඇති අක්‍රමිකතාවයන් පිළිබඳ   කරනු ලැබු විශේෂ විගණන පරික්ෂාවේ දි මෙම තොරතුරු අනාවරණය වි ඇත. මෙම මස 17 වැනි දින මෙම වාර්තාව නිකුත්කොට තිබේ.

මේ සම්බන්ධ නිවැරදි නියැදි පරික්ෂණ වාර්තා ලිපිගොනුවලින් ඉවත්කොට   ව්‍යාජ රසායනාගාර පරික්ෂණ වාර්තා සකස්කොට  ලිපිගොනුවට ඇතුළත්  කොට ඇති බවද විගණන වාර්තාව මගින් අනාවරණය කරගෙන ඇත. මේ නිසා ජාතික ප්‍රමිතීන්ට අනුකුලව  ක්ෂේත්‍රය තුළ භාවිතයට නුසුදුසු  පොහොර තොග වෙළපොළට මුදා හැරිමෙන් ඉහත ලිපිගොනුව භාරව කටයුතු කළ හා  විෂය ලිපිගොනු  අධික්ෂණය කළ නිලධාරින් රජයට අලාභයක් සිදුකොට ඇති බව ද විගණන වාර්තාවේ  සඳහන් කොට ඇත. 


නියදි පරික්ෂාවන්ට අදාල  නිවැරදි  රසායනාගාර පරික්ෂණ වාර්තා අස්ථානගතකරමින් හා  ව්‍යාජ රසායනාගාර වාර්තා ඇතුළත් කරමින්  අසමත් පොහාර තොගයක් වෙනුවෙන්  වෙළඳ අනුමැතිය ලබාදිමට  ලිපිගොනු භාරව කටයුතු කළ විෂය ලිපිකරුවන් හා  අධික්ෂණය කළ නිලධාරින් කටයුතු කළ අවස්ථා 34ක් විගණය විසින් නියදි පරික්ෂාවකදි අනාවරණය වි ඇත.

ජාතික පොහොර ලේකම්කාර්යාලය  විසින්  පවත්වාගෙන යනු ලබන  ලිපිගොනු 26කට අදාල අවස්ථා34කදි පොහොර සමාගම් 11 විසින්    මෙකි පොහොර ආනයනය කොට තිබුණි. 

මෙකි පොහොර සමාගම් විසින් T.S.P මෙට්‍රක් ටොන්  15,415.95 ක්, MOP   මෙට්‍රික්ටොන් 4,611 ක්  යුරියා  මෙට්‍රික්ටොන්  1,036ක්, SA  මෙට්‍රික්ටොන්  783ක්, Keisarite  මෙට්‍රික්ටොන්  367.5 ක්, NPK  මෙට්‍රික්ටොන්  150 ක් හා SES  මෙට්‍රික්ටොන්  270 ක් අනායනය කොට තිබු බව විගණන වාර්තාවේ දැක්වේ. 

පොහොර ආනයනික සමාගම් විසින් ආනයනය කරනු ලබන පොහොර  තොග  ජාතික ප්‍රමිතින්ට අනුකුලද යන්න රසායනාගාර පරික්ෂාවකින්  තහවුරුකරගෙන  වෙළඳ අනුමැතිය  ලබාදෙන තෙක්  පොහොර ලේකම්  කාර්යාලයේ අධික්ෂණය යටතේ  ආනයනික සමාගම් ගබඩා තුළ  සුරක්ෂිතව ගබඩාකර තැබිය යුතුය. 

එහෙත් රාජ්‍ය විගණනය විසින්  භෞතිකව පරික්ෂාවන්ට ලක්කරණ ලද  ආනයනික සමාගම් 09ක් විසින් 2020.01.31 දින වන විට  රසයනාගාර පරික්ෂණ සිදුකිරිමට  හෝ අලෙවිය සඳහා අනුමැතිය ලබාගැනිමට පෙර  ප්‍රධාන සෘජු පොහොර  වර්ග 05කට අදාල  මෙට්‍රක් ටොන්  43,761ක පොහොර තොග ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අනුමැතියකින් තොරව  ගොවින් වෙත නිකුත්කොට තිබු බවද විගණන වාර්තවේ සඳහන් වේ

එමෙන්ම 2018 වර්ෂයේ යල කන්නයේ සිට රසායිනික පොහොර  විවෘත වෙළඳපොළේ සහනාධාර මිලකට ලබාදිම අරමුණුකරගෙන  ඒ වනවිට  මෙරටට පොහොර  ආනයනය කරන සමාගම් සතුව පැවති  භෞතික පොහොර තොග ගණනය කර  ඒ සඳහා සහනාධාර මුදල් ලබාදිමේ කාර්ය න් සිදුකිරිමේ වගකීම  ජාතික පොහොර ලේකම් කාර්යාලය වෙත පවරා තිබුණි. 

මෙහිදි විනිවිදභාවයකින් තොරව එම කාර්යන් සිදුකිරිම හේතුවෙන්  පොහොර ආනයනික සමාගම් 11ක් වෙත රුපියල් මිලියන  4084.6 සහනාධාර මුදලක් ගෙවිමට සිදුවි ඇති බවද විගණන වාර්තාවේ දැක්වේ. එමෙන්ම එක් එක් පොහොර වර්ග සදහා  වෙළද පොළ වටිනාකම තීරණය කිරිමට පත්කළ මිල කමිටු නිර්දේශ මත  සකස්කළ  මිල සුත්‍රය භාවිතයට නොගැනිම  හේතුවෙන්  ආරම්භක පොහොර තොග සඳහා රුපියල් මිලයන 959.2 සහනාධාර මුදලක් වැඩිපුර  ගෙවිමට  සිදුවි තිබු බවද එම වාර්තාවේ දැක්වේ.

මේ පිළිබදව පොහොර නිෂ්පාදන හා සැපයුම් රසායනික  පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය ඇමති නිතිඥ මොහාන් පි දි සිල්වාගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ මේ සම්බන්ධව පරික්ෂණයක් සිදුකරලා වැරදි වලට සම්බන්ධ  අයට විනයානුකුලව කටයුතු කරණවා. වැරදි කරන අයට දඩුවම් ලබාදිම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරනවා.“   

Exit mobile version