මාරක කොවිඩ් ප්‍රභේදය හමුවූ දෙමටගොඩ ආරාම පෙදෙස මුද්‍ර තැබූ සේ වසා දමයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාරාන්තික ඉන්දියානු කොවිඩ් ප්‍රදේශය සමාජයෙන් හමු වූ බව කියන දෙමටගොඩ ආරාම ප්‍රදේශය අතිශය ජන ඝණත්වයක් සහිත පෙදෙසක් බවත්, පැල්පත් වාසී දුගී ජන පිරිසක් වාසය කරන මේ ප්‍රදේශයෙන් මෙම ඉන්දියානු ප්‍රභේදය හමුවීම විශාල අර්බුදයක් කරා ගමන් කළ හැකි අවස්ථාවක් නිර්මාණය කරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

මේ වනවිට එම ප්‍රදේශය මුද්‍රා තබන ආකාරයට මුලුමනින්ම වසා ඇති දමා ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

මුලින්ම රටේ පැතිරෙමින් තිබූ කොවිඩ් ප්‍රභේදවලට පඩා පසුව වාර්තා වූ බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය සියයට පනහකින් සීඝ්‍රව ව්‍යාප්ත වූ බවත්, එම ප්‍රභේදයටත් වඩා සියයට පනහක වේගයෙන් නව ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය පැතිරෙන බවත් ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වා දී තිබිණි.

මිට පෙර කොවිඩ් ආසාදිතයින් අතුරෙන් වාර්තා වූ ගඳ සුවඳ නොදැනීමේ රෝග ලක්ෂණය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් අතරින් වාර්තා නොවන බව ඔහු කීවේය. ඩෙල්ටා ප්‍රභේදයේ මුලික රෝග ලක්ෂණ ලෙස හිසරදය, උගුරේ වේදනාව සහ සෙම්ප්‍රතිශ්‍යාව සැලකෙන බවද ඔහු කියයි.

කොළඹ දෙමටගොඩ, ආරාමය ප්‍රදේශයේ දී හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් පිරිසකගේ සිදුකළ ජෛව සාම්පල් පරීක්ෂණවල දී මාරක ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු පළමු වරට මෙරට සමාජය තුලින් හඳුනා ගනු ලැබිණි.
.

Exit mobile version