මානව හිමිකම් යෝජනාවලිය සම්මතයි… දැන් අපට මොකද වෙන්නේ….

 ශ්‍රි ලංකාව සම්බන්ධයෙන්  සිදුවන දේ මෙන්න...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් විසින් ඉදිරිපත් කරන ලද මානව හිමිකම් යෝජනාවලිය සම්මත වීමත් සමඟ ශ්‍රි ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව විමසා බැලීම සඳහා ජිනීවා නුවර මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රි ලංකාව සම්බන්ධ කටයුතු  සඳහා වෙනම විශේෂ ඒකකයක්  තාවකාලිකව ස්ථාපනය වනු ඇත. මෙම කාර්යාලට අනුබද්ධව ශ්‍රි ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් මානව හිමිකම් ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සහ ඊට අදාළව කටයුතු කිරීමට ජාත්‍යන්තර නීති විශේෂඥයන් කිහිප දෙනකු ඇතුළු කාර්ය මණ්ඩලයක් ස්ථාපනය වනු ඇති අතර ඊට අදාළ යාන්ත්‍රණයක්  යෝජනාවලිය තුළ යොජනා වී තිබේ.

මාස 22ක  කාලයක් සඳහා මෙම තාවකාලික කාර්යාලය ක්‍රියාත්මක කිරීමට අදාල අයවැයක්ද යෝජනාවලියත් සමඟ අනුමතවන අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 2.8කට ආසන්න මුදලක් ඒ සඳහා වෙන්වී ඇත. මෙම මුදල වෙන්ව ඇත්තේ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් හත මඟින් ශ්‍රි ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය මඟින් දක්වා තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව සොයා බැලීමට අදාල කටයුතු සඳහාය.

මෙම යෝජනාවලිය සම්මත වීමෙන් පසුව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන   කීවේ රටවල් 22ක් අපට එරෙහි වෙද්දී අපට සහය දුන් රටවල් 11 සහ නිහඬව සිටි රටවල් 14 සමඟ රටවල් 25ක් අපට සහය දුන්  බවය. එහෙත් එය සත්‍යය යටපත් කරන ප්‍රකාශයකි. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට වැඩි ඡන්දයක් අවශ්‍ය වන අතර නිහඬව සිටි ඉන්දියාව, නේපාලය ඇතුළු රටවල් අපට සහය ලබා දුන්නා නම් අඩුම ගණනේ එම රටවල් 14 අතරින් 13ක් අපට පක්ෂව ඡන්දය ලබා දිය යුතුව තිබුණි. එහෙත් එය එසේ වූයේ නැත. ඒ අනුව සිදුව ඇත්තේ මෙම යෝජනාවලිය සම්මත වීමය.


මෙය සම්මත වූ පමණනි  රටට අහිතකර ආර්ථික සම්බාධක ආදිය පැමිණෙන බවට මතයක් තිබුණද එසේ වන්නේ නැත. දැනට ක්‍රියාත්මකවන සම්මුති එකඟතා අනුව එම කටයුතුවලට කෙටි කාලීන බලපෑමක් ඇති නොවේ. කෙසේ වුවද මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන ආකාරය අනුව ඉදිරියේදී එක් එක් රටවල් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් තීරණ ගනු ඇත.

ඉදිරිපත් වූ නිර්දේශ

මෙම  යෝජනාවලියෙන් ශ්‍රි ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සිදුවන දේවල් මෙන්ම රටේ ව්‍යවස්ථාමය ක්‍රියාවලිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්ව ඇති ආකරය සම්බන්ධයෙන් දිර්ඝ නිවේදනයක් සමඟ නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබුණි. අප මුලින්ම මෙම නිර්දේශ කවර්ද යන්න පිළිබඳ වැටහීමක් ලබා ගැනීම වැදගත්ය.

යන මෙම ක්‍රියාකාරකම් එම මානව හිමිකම් යෝජනාවලියේ නිර්දේශ ලෙස ඉදිරිපත්ව ඇත. මේ කටයුතු සම්බන්ධයෙන් ඇගයීමේ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 48 වැනි සැසිවාරයේදී  මානව හිමිකම් මහකොමසාරිස් විසින්  අදාල යෝජනාවලිය මත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඇතිව තිබෙන වර්ධනය තත්ත්ව පිළිබඳ වාචික වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වෙයි.

ක්‍රියා පිළිවෙත්

ඊට අදාළව පහත ක්‍රියා පිළිවෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ශ්‍රි ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් පිහිටුවෙන තාවකාලික කාර්යාලයට සම්බන්ද සේවා කටයුතු සඳහා ජාතක්‍යන්තර අපරාධ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම සහ විමර්ශනය සම්බන්ධ අත්දැකීම් ඇති නීති උපදේශකයන් දෙදෙනකු,  විශ්ලේෂකයන් දෙදෙනෙකු ජාත්‍යන්තර අපරාධ නීතිය පිළිබඳ ගවේෂකයන් හෝ මානව හිමිකම් නිලධාරීන්දෙදෙනකු ඇතුළු කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීම පිළිබඳවද මානව හිමිකම් යෝජනාවලිය සම්බන්ධයෙන් මේ වනවිට තීරණය වී ඇත.

මෙම කාර්යාලයේ ඉදිරි කටයුතු සඳහා  ඉදිරි මාස 22 සඳහා ඩොලර් මිලියන 2.8ක වැය ශිර්ෂයක් වෙන් කෙරෙනු ඇති අතර කවර රටකදී හෝ ශ්‍රී ලංකාවේ යුද අපරාධ හෝ බරපතල මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් කවරකුට හෝ නඩු පැවරීමට අවශ්‍ය තොරතුරු මෙම ඒකකය මගින් ලබා දෙනවා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ නිත්‍ය විමර්ශනයක් පවත්වාගෙන යනු වස් එළැඹෙන මාස 22 ක තුළ වාර්තා 3 ක් ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්වරියට නිර්දේශ කරයි.

 

Exit mobile version