මාධ්‍යයට කතා කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට විනය පරීක්ෂණයක් …

වෛද්‍ය පර්යෙෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ  විශේෂඥ වෙද්‍ය ජයරුවන් බණ්ඩාර  මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම විනය පරීක්ෂණයේ මූලික කටයුතු හෙට ( 01) දිනයේ දී ආරම්භ වීමට නියමිත වන අතර ඊට ආසන්නම හේතුව වී ඇත්තේ පසුගියදා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ වූ කරුණු සම්බන්ධයෙන් බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

කොව්ඩ වසංගතය කමනාකරණය කිරීමේදී දැනට මතුව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් වෛද්‍ය ජයරුවන් බන්ඩාර විවේචනාත්මක විග්‍රහයක් එහිදී සිදු කළ අතර එහිදී කොවිඩ් අර්බුදය ජාවාරමක් බවට පත් කරගත් පාර්ශ්ව සම්බන්ධයෙන්ද දැඩි විවේචනයක් එල්ල කළේය.


ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිශ්පාදන නීතිගත සංස්ථාව තුළ සිදුවන  ජාවාරම් සහ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශ වීම සම්බන්ධව ඔහු හෙළි කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් මෙම විනය පරීක්ෂණය පැවත්වෙනු ඇති බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version