මාධ්‍ය ඉදිරියේ හෙළි වුණු හරීන්ගේ ජනාධිපති හීනය…

කොවිඩ් කාලෙ චිත්‍රපටියක් බලා දේශපාලනයේ පොරක් වෙන්න හිතූ හැටි හරීන් කියයි... ජනාධිපති පුටුවට අනාගත තරගකරු නාමල් ලු....

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු   අනාගත ජනාධිපති අපේක්ෂාව සම්බන්ධයෙන් ‘ටෘත් විත් චමුදිත’ වැඩසටහනේදී ඉඟි පළ කළේය.

නාමල් රාජපක්ෂ හොඳ මිතුරෙකු නේදැයි චමුදිත විමසූ පැනයට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුයේ නාමල් හා තමා අතර ඇත්තේ දේශපාලන සම්බන්ධතාවයක් බවත් අනාගතයේ ජනාධිපති තනතුරට එකම කාල සීමාවකදී ඉදිරිපත් වෙන්නට සිටින්නේ තමන් දෙදෙනා බවත් ය.

“දවසක මම ජනාධිපති කියන තැනට ගියොත් එදාට මට අභියෝගයක් වෙන්නේ නාමල් රාජපක්ෂ… ඇත්තටම මම සජබ ඉඳලා යූඑන්පී එකට ආවේ ඒ වෙලාවේ රට වෙනුවෙන් දෙයක් කරන්න.. කොවිඩ් කාලේ මම චිත්‍රපට දෙකක් බැලුවා. දේශපාලනේට කැමැති දේශපාලනේ කරන අය බලන්නම ඕනේ.. ‘හවුස් ඔෆ් ටාජ්, ඩෙසිග්නේෂන් සර්වයිවර්’. සාමාන්‍ය මනුස්සයෙක් දේශපාලනේ ඇතුළේ ගහන ගේම් එකක්. ඇත්තටම මටත් ඕනේ වුණේ ඒ වගේ දේශපාලනේ පොර වෙන්න..”

අමාත්‍යවරයා සඳහන් කළේ පක්ෂ දෙකෙහිම බලය අල්ලා අනාගත ජනාධිපති යන තනතුරට පාර කපා ගත්තා නේද? යැයි චමුදිත ඇසූ පැනයට පිළිතුරු වශයෙනි.


පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කළ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා කාමරය තුළට කැඳවා දෑත් අල්ලාගෙන ‘මගේ ඇස් දෙක දිහා බලපන්. මගේ අත අල්ලපන්.. උඹට මාව විශ්වාස නැද්ද? මාව දාලා යන්න එපා අවිශ්වාස කරලා” යනුවෙන් පැවසූ වග අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසූයේ සජිත්ව මෙහෙයවන වෙනත් හස්තයක් තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂය දන්නා වගත් ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සර්, සජිත් දෙදෙනාම ‘ස’ අකුරෙන් පටන් ගන්නා නිසා ‘ස ෆේල්’ යැයි කිව හැකි බවද ඔහු පැවසීය.

Exit mobile version