මාධ්‍ය ආවාරණ වාරණය  මැද ඇමරිකානු දූත පිරිස පැමිණෙති….

කීර්ති ප්‍රනාන්දු –

විදේශ අමාත්‍යාංශයෙ උපදෙස් මත මාධ්‍ය ආවරණය වරාණය කර ඇති වටපිටාවක අද (26) අළුයම  සිව් දෙනෙකුගෙන් යුතු  ඇමෙරිකානු රාජ්‍ය  දූත පිරිසක්   කටුනායක ගුවන් තොටුපළ රටට පැමිණියහ .

රටේ පවතින සංකීර්ණ අර්බුදය විමසා බැලීම සඳහා පැමිණි  මෙම දූත පිරිස අතර ඇමෙරිකානු රාජ්‍ය භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කළාපය භාර නියෝජ්‍ය ලේකම් රොබට් කැප්‍රෝත් ( Robert Kaproth ) සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම සහ දකුණු ආසියාව භාර රාජ්‍ය ලේකම් කෙලී කේඩරින් ( Kelly Kedering )   ද ඇතුළත් වී සිටියහ .

මෙම පිරිස අද  අලුයම 02.20 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් මෙම  පැමිණීම සඳහා මාධ්‍ය ආවරණය වාරණය කර තිබිණි.

Exit mobile version