මාතොට පුරණ රජමහා විහාරයේ ඉඩමට මන්නාරම තිරුකේතීස්වරන් අයිතිය කියයි…

දිනසේන රතුගමගේ –

මන්නාරම මාතොට විහාරස්ථානය විසින් මෙතෙක් පරිහරණය කරණ ලද අක්කර පහකින් යුත් ඉඩම මන්නාරම තිරුකේතීස්වරන් කෝවිලට අයත් ඉඩමක බව කියමින් කෝවිල් බාරකාර මණ්ඩලය විරෝධතාවයක් ආරම්භ කොට තිබේ.

මෙම ඉඩම ඩෝසරයක් යොදා කෝවිල් බාර කාර මණ්ඩලය විසින් එළි පෙහෙළි කිරීමට පටන් ගැනීමත් සමගම මාතොට විහාර පාර්ශ්වය එම ඉඩම විහාරස්ථානයට අයත් ඉඩමක් බවට තොරතුරු ඉදිරිපත් කොට තිබේ.

මේ තත්ත්වය  උග්‍ර අතට හැරීමත්  සමගම  දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් ද එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී කෝවිල් බාර කාර මණ්ඩලය මන්ත්‍රීවරයාට තරයේම පවසා ඇත්තේ එම ඉඩම කෝවිලට අයත් බවයි.


මේ විරෝධයත් සමගම එම ස්ථානයට පොලීසිය පැමිණ ඇති අතර මන්ත්‍රීවරයා එම ඉඩම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කොට  සාධාරණය ඉටු කරණ මෙන් පොලීසියෙන් ඉල්ලා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතොට විහාර ඉඩම

Exit mobile version