මාතර රෝහල් මෝචරියේ මිනී කබරයන් කාලා…

ක්‍රිෂාන් ජීවක ජයරුක් –

මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරය තුළට රිංගා සිටින නයි, ගැරඩි, මීයන්, කැරපොත්තන්, තලගොයි හා කබයන  ආදී සතුන් මළ සිරුරු කා දැමීම නිසා මල් ශාලා සේවකයන් හා මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීහු දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිති.

විශේෂයෙන්ම මෘත ශරීරාගාරයේ යකඩ දොරක් කැඩී අබලන් වීම ඊට හේතුව බව රෝහල් සේවකයෝ පවසති.

මළ සිරුරු රැසක ඉකුත් දිනවල කන්, නාසය, ඇතුළු අවයව මීයන් හා කබරයන් ඇතුළු සතුන් සපා කා තිබු බව මල් ශාලා සේවකයෝ පැවසූහ.


මේ පිළිබඳව මාතර මහ රෝහලේ   ඉහළ නිලධාරීයෙක්ගෙන් විමසූ විට කියා සිටියේ යකඩ දොර අබලන් වීම ඊට හේතු වී තිබෙන බවත් රෝහල් බලධාරීන් අවස්ථා කිහිපයක දී ඒ පිළිබඳව දැනුවත් කර තිබෙන බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප

 

Exit mobile version