මාතර බන්ධනාගාරයේ කොවිඩ්…වැලිකඩින් මාතර ගෙන ආ රැවියට කොරෝනා…

මාතර සම්පත් –

මාතර බන්ධනාගාරයට වැලිකඩින් මාරුකර එවූ  කාන්තා රැඳවියෙකුට  කොවිඩ් ආසාදනය වී ඇතැයි මාතර සෞඛ්‍ය අංශ පවසයි.
ඇය මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැක පිට රක්ෂිත  බන්ධනාගාර ගතකර සිටින කාන්තාවක් වේ.  පෙරේදා සිදුකළ  පී.සී.ආර්.පරීක්ෂණයේදී ඇයට කොවිඩ්  ආසාදනය වී ඇතිබවට තහවුරු වී  තිබේ.
රත්නපුරය පැල්වත්ත පදිංචි කාරියක් වූ මෙම සැකකරිය ඉකුත් නොවැම්බර් මස 02 වන දින වැලිකඩ බන්ධනාගාරයේ සිට  මාතර බන්ධනාගාරය වෙත මාරු කර තිබේ. ඒ වැලිකඩ රැඳවියන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෝගී කාන්තාව කඹුරුගමුව කොටවිල නව රෝහලට මේ වනවිට ඇතුළ ත්කර තිබේ…

Exit mobile version