මාතර උද්‍යාන මාවගේ වෛද්‍යවරියකට කොවිඩ් ආසාදනය වෙයි…

 

මාතර උද්‍යාන මාවතේ පදිංචි වෛද්‍යවරයකට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ (21) රාත්‍රියේ තහවුරු වූයේය.  

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වෛද්‍යවරියගේ නිවසේ  ඔක්තෝම්බර් 10 වනදා පැවති දානමය පිංකමකට සහභාගිවීම සඳහා කලුතර-මතුගම සිට ඥාති සහෝදරියක පැමිණ ඇති බවත්, කොවිඩ් ආසාදනය වී ඇති පුද්ගලයෙකුගේ ආශ්‍රිතයෙක් නිසා කළ පී.සී,ආර් පරීක්ෂණයකට අනුව ඇයටත් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූ බවත් එය දැනගත් දා සිට (18) වෛද්‍යවරිය නිවස තුළ ස්වං නිරෝධායනය කළ බවත් සෞඛ්‍ය අංශ කියයි.   

වෛද්‍යවරිගේ ආශ්‍රිතයන්  ලෙස හඳුනාගත්  මාතර – උද්‍යාන මාවත ප්‍රදේශයේ නිවාස 6ක පුද්ගලයින් ද එසේ  ස්වයං නිරෝධායනයට යොමු කළේය.

ඊයේ  සවස  (21) නිකුත් වූ පී.සී.ආර් පරීක්ෂණ අනුව වෛද්‍යවරිය  කොවිඩ් ආසාදිත  බව තහවුරු වී ඇත.    ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙතට යොමුකර තිබේ.

ඔක්තෝම්බර් 10 වනදා සිට 18 වනදා දක්වා මාතර උද්‍යාන මාවතේ පදිංචි මෙම වෛද්‍යවරියගෙන් හෝ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලැබූ අයෙකු වේ නම් ස්වයං නිරෝධායනයට යොමුවන ලෙසත්, ඒ පිළිබඳව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා දැනුම්වත් කරන ලෙසත් සෞඛ්‍යය අංශ දන්වා සිටී.

Exit mobile version