මාගා ආතනයේ කොවිඩ් ආසාදිතයන් 13ක්…. නෙඩුන්කේණි වැසේ…

දිනසේන රතුගමගේ –

වවුනියාව නෙඩුන්කේණි ප්‍රදේශයේ මාර්ග ඉදි කිරීමේ කටයුතු වල නිරත මාගා (MAGA ) ආයතනයෙන්  කොරෝනා රෝගීන් 13 දෙනෙකු හමුවීමත් සමගම  එම ප්‍රදේශය සෞඛ්‍ය අංශ  විසින්  26 දා සිට  තහනම් කලාපයක් බවට   නම් කොට තිබේ.

මේ නිසා නෙඩුන්කේණී නගරයේ වෙළද සැල් ගණනාවක්ද වසා දැමීමට සිදුව තිබේ.

මාර්ග සංවර්ධන කටයුතු වල නිරත සේවකයින් නගරයේ වෙළද සැල් වලට යන්නට ඇතැයි යන සැකය මත සෞඛ්‍ය බලධාරීන් නගරයේ සියලුම වෙළදසැල් වල සේවකයින්ව පී.සී.ආර් පරීක්ෂණ වලට ලක් කොට තිබේ.


සෞඛ්‍ය බලධාරීන් නගරයේ වෙළද සැල් වල පිරිස් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව වෙළෙන්දන් බියට පත්ව  සිටිති.

වෙළෙන්දන් 87 දෙනෙකු මේ වන විට පී.සී.ආර්.පරීක්ෂණ වලට යොමු කොට ඇතත් ඔවුන් කොරෝනා ආසාදිතයින් බවට මෙතෙක් තහවුරු වී නොමැත.

මාගා ආයතනයේ සේවක පිරිස් නවාතැන් ගෙන සිටි නිවස්න වලින් කොරෝනා ආසාධිතයින් 13 දෙනෙකු හමු වීමත් සමගම එහි සිටි තවත් 92 ක් ස්වයං නිරෝධනයට  ලක් කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ හේතූන් නිසා නෙඩුන්කේණී ප්‍රදේශයේ මාර්ග ඉදි කිරීමේ කටයුතුද තාවකාලිකව නතර කොට තිබේ.

 

Exit mobile version