මාගල්කන්දේ සුදත්ත හිමි චැනල් මාරු කරයි…

මේ ආණ්ඩුව පත් කිරීම සඳහා   හාමුදරුවරු තරම් කිසිවෙක් දර දිය නොඇද්ද බවත්, ආණ්ඩුව රට ගැන ජනතාව ගැන නොසිතා ගන්නා අත්තනෝමතික තීන්දු සම්බන්දව දැඩි ලෙස විරුද්ධ වන අතරම කලකිරී සිටින බවත් මාගල් කන්දේ සුදත්ත හිමි පවසති.

මේ ආණ්ඩුවේ වරදක් ඇතිනම් එම වරද පෙන්වා දීමට හාමුදරුවරුන්ට සුවිශේෂී අයිතියක් ඇති බව ප්‍රකාශ කරන මාගල්කන්දේ සුදත්ත හිමි  ඉන්දියාවේ සිට පැමිණි බ්‍රැන්ඩික්ස් සේවක පිරිස නිරෝධායනය මග හැර පැමිණ රටම යළි වසංගතයකට ඇද දැමුවේ  ආණ්ඩුවේ වගකිවයුත්තන්ගේ වරදින් බව කියති.

“ අපි මතක් කරනවා අත්තනෝමතිව ආණ්ඩුව තීන්දු ගන්නා බව.  සෞඛ්‍ය අමාත්‍යවරිය සම්බන්ධව කිසිදු පැහැදීමක් අප තුළ නැහැ., වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර  එම ධූරයෙන්  ඉවත් කර නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට පත් කළා.  අමු අමුවේ  රාජ්‍ය සේවා පටිපාටිය උල්ලංඝණය කළා.


20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ආණ්ඩු පක්ෂයේ සිටිනා මැති ඇමතිවරු පවා දැඩි ලෙස විරෝධය පලකරන පසුබිමක්  තියනවා. ඒත් ඒ ගැන ආණ්ඩුව අහන්නෙ නෑ… තුළ බරපතලම කාරණය ද්විත්ව පුරවැසි භාවය. පාර්ලිමේන්තුවට ඇවිත් මැති ඇමතිකමක් ගන්න ඕන නම් රටට සේවය කරන්න ඇයි ද්විත්ව පුරවැසි භාවය අත්හරින්න බැරි. ශ්‍රි ලාංකික පුරවැසියෙක් ලෙස පාර්ලිමේන්තුවට යන්න බැරි.

රියාජ් බදියුදීන් සම්බන්ධව රටේ නිති සම්ප්‍රදාය අතුළෙ කටයුතු නොකර නිදහස් කිරීම පසුබිමේ යම් කිසි දේශපාලන හස්ථයක් තිබිය යුතුමයි. ඒක අපි බය නැතිව කියනවා. අභිමතාර්ථන් මුදුන්පත් කරගැනීමට කටයුතු කරනවා වෙනුවට කිසිවෙක් කියන දෙයක් නො අසා කරන අත්තනෝමතික හැසිරිම කණගාටුදායක තත්වයක්. අප ඊට දැඩි ලෙස විරුද්ධ වෙනවා… යැයි මාගල්කන්දේ සුදත්ත හිමි පැවසූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මින් පෙර දුමින්ද සිල්වා බෝධිසත්වයෙක් බව ප්‍රකාශ කිරීම අතුළු මතභේදාත්මක ප්‍රකාශ ගණනාවක් කිරීම නිසා මාගල්කන්දේ සුදත්ත හිමි  සම්බන්ධව යම් කුකුසක් සමාජය තුළ ඇති වි තිබිණි.  එමෙන්ම උන්වහන්සේ විවිධ දේශපාලකයන්ගේ වරදාන මත විවිධ භූමිකා විටින් විට මාධ්‍ය ඉදිරියේ රඟ දක්වන, අවස්ථානකූලව ප්‍රකාශ සංස්කරණය කරගන්නා හිමි නමක් ලෙස ද ප්‍රකටය.

Exit mobile version