මහ මැතිවරණ සටනට අපේක්ෂකයන් 7452ක්

මහා මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ මනාප අංක අද (09) ගැසට් කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කළේය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ   මෙවර මහා මැතිවරණයට අපේක්ෂකයන් 7452 දෙනෙක් ඉදිරිපත් ව සිටින බවය.   ඒ අයගෙන් අපේක්ෂකයන් 3652 දෙනෙක් දේශපාලාන පක්ෂ නියෝජනය කරමින්ද අපේක්ෂකයන් 3800 දෙනෙක් ස්වාධිනවද මැතිවරණයට ඉදිරිපත් වන බව ද ඔහු කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍යය සේවකයින්ටද මෙවර තැපැල් ඡන්ද අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බවත් හෙට දිනයේ ඒ අයගේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම් අවසන් වන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.


Exit mobile version