මහ මැතිවරණය  කොටස් වශයෙන්?

 

මහා මැතිවරණය එක් දිනයක දී රට පුරා පවත්වනවා ද, එසේත් නැතිනම් කොටස් වශයෙන් පවත්වනවා ද යන මැතිවරණ කොමිෂන් සභාවේ තීරණය ශ්‍රේෂාධිකරණ තීන්දුවෙන් පසු ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ  සභාපති මහින්ද දේශප්‍රිය මහතා පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දුන්නේය.

ජූනි 20  වැනිදා පැවැත්වීමට දින නියම  වී ඇති  මහ මැතිවරණය සමබන්ධව මෙතෙක් ඉදිරිපත් වී ඇති  යොජනා හා අදහස් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව පසුගිය 12 වැනිදා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ පැවති පක්ෂ ලේකම්වරුන්ගේ හමුවේ දී සභාපතිවරයා   කීවේය.

මෙම රැස්වීමට සහභාගීවන ලෙස පක්ෂ ලේකම්වරුන්ට ආරාධනා කර තිබුණ ද   සමහර පක්ෂවල නියෝජිතයන් ද සහභාගීව සිටියේය. මහ මැතිවරණය කඩිනමින් පැවැත්වීම හා උද්ගවතව ඇති තත්වය හමුවේ එය පැවැත්වීමට කටයුතු නොකරන ලෙස ද මෙහිදී යෝජනා විය.


විපක්ෂය නියෝජනය කරමින් එම හමුවට සහභාගී වූ සියලු දෙනා ප්‍රකාශ කළේ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය සමග මහ මැතිවරණය කඩිනමින් පැවැත්වීමට හැකි පරිසරයක් රට තුළ නිර්මාණය වී නැති බවත් මනාප අංක නිකුත් කර මැතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් අපේක්ෂකයන් විශාල පිරිසක් සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කර අදාල බල ප්‍රදේශවලට කණ්ඩායම් වශයෙන් ගමන් කරනු ඇති බවත්, එහි අනිසි ප්‍රතිඵල රටටම මුහුණ පෑමට සිදුවන බවත්ය.

කෙසේ වෙතත් මෙම හමුවට සහභාගී වූ ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ නියෝජිතයන් පෙන්වා දුන්නේ මැතිවරණය නොපවත්වා තවදුරටත් ඉදිරියට යෑමෙන් රට අක්‍රීය වීමට ඉඩ තිබෙන බවය. කොරෝනා වෛරසයෙන් පසු රට මුහුණපා ඇති අභියෝග ජය ගැනීම කරා ගමනට එය විශාල බාධකයක් විය හැකි බවය.

ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රවල උපදෙස් මත අධි අවධානම් දිස්ත්‍රික්ක හැර සෙසු දිසිත්‍රික්කවල මුලින් ම මැතිවරණය පවත්වා දෙවනුව අධිඅවදානම් දිස්ත්‍රික්කවල මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබෙන බව ඔවුහු කීහ. ඒ පිළිබඳව මහමැතිවරණ අඥාපනතට අනුව තීරණ ගැනීමේ හැකියාව ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රමුඛ කොමිෂන් සභාවට බව ආණ්ඩුව නියෝජනය කළ ඇතැම් පක්ෂ නියෝජිතයන් පෙන්වා දුන්හ.

කොරෝනා වෛරසය වැළඳුන රෝගීන් දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවලින් සොයාගෙන තිබෙන පසුබිමක් තුළ සෞඛ්‍ය අංශවල උපදෙස්වලට පිටින් කටයුතු කර කිඩිමුයේ මැතිවරණ පැවැත්වීම තම පක්ෂය කිස කලෙකත් අනුමත නොකරන බවත් ජනතාවගේ   පැත්තෙන් එය ඉතා අවදානම්  ක්‍රියාවක් බවත් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සහභාගී වූ නියෝජිතයන් පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



මේ අනුව දැනට ශ්‍රේෂාධිකරණයේ විභාගවන නඩු තීන්දුවෙන් පසුව මැතිරවණය පැවැත්වෙන ආකාරය සහ කාල වකවකවානුව ස්ථිර වශයෙන්ම මැතිවරණ කොමිසම මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Exit mobile version