මහ බැංකු අධිපතිකම මට එපා ! ඩොක්ටර් නන්දලාල් හොඳයි ! ආචාර්ය කුමාරස්වාමි කියයි…

ශ්‍රී ලංකා මහ බැංකුවට නැවත පැමිණීමට කැමැත්තක් නොමැති බව ඉහළ පෙළේ  ආර්ථික විද්‍යාඥයකු මෙන්ම හිටපු  මහ බැංකු අධිපතිවරයකු වන  ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඊයේ තහවුරු කළ බව ඩේලි ෆයිනෑෂල් ටයිම්ස් පුවත් පත (Daily FT) පවසයි.  මේ පිළිබඳව එම පුවත් පත කළ විමසීමේදී ආචාර්ය කුමාරස්වාමි තවදුරටත් සඳහන් කර ඇත්තේ  වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම අසීරු අභියෝගයට මැනවින් මුහුණ දෙන අතර තමන් ඊට සහය දෙන බවය.

“මගේ කිසිම අදහසක් නැහැ නැවත ශ්‍රී ලංකා මහ බැංකුවට එන්න. මගේ අදහසට අනුව   ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉතා භයානක තත්ත්වයන් යටතේ අතිශයින් යහපත් කාර්යයක් ඉටු කරමින් සිටිනවා ,” ඔහු ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පතට සඳහන් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ අන්තර්වාර රජය ආචාර්ය කුමාරස්වාමිගෙන් නැවත පැමිණ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආණ්ඩුකාර ධූරය භාර ගන්නා ලෙස ඉල්ලා සිටීමට සැලසුම් කර ඇති බවට පැතිර යන ප්‍රචාරයවන්ට මෙලෙස  ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.


 

Exit mobile version