මහ දවල් මහජන බැංකු ටෙලර් මැෂින් එකක් කඩා රුපියල් කෝටි ගණනක් පැහැරගෙන ගිහින්….

හිඟුරක්ගොඩ අතුල සූරියබණ්ඩාර –

මින්නේරිය වැව ඉදිරිපිට සුපිරිවෙළෙඳහලක් තුළ පිහිටි  මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය  මහ දවල් කඩා රුපියල් කෝටියකට ආසන්න මුදලක් පැහැරගෙන ගිය පුවතක් මින්නේරියෙන් වාර්තා වේ.

පෙරේදා  දහවල් 10 -12 අතර සිදුවී ඇති මෙම සිදුවීම පිළිබඳ පොලිසියට නිල වශයෙන් වාර්තා වී ඇත්තේ ඊයේ ( 27) ය.

ක්‍රීම් පාට ඩිමෝ බට්ටා වර්ගයේ ලොරියකින් පැමිණි පුද්ගලයෙක් මෙම ටෙලර් යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට ඇති බව පවසා නව යන්ත්‍රයක් සවි කිරිම සඳහා පැමිණි බව දන්වමින් යන්ත්‍රය පිහිටි කුටිය තුළට උපකරණත් රැගෙන ඇතුළු වී තිබේ.


අනතුරුව ඔහු යකඩ උණු කර කපා දමන යනත්‍රයකින් ටෙලර් යන්ත්‍රය කපා ඇතුළත වූ මිලියන ගණනක මුදල පැහැරගෙන ගොස් ඇත.

පැමිණ ඇත්තේ තනි පුද්ගලයෙක් බවත් මෙම තැනැත්තා විසින් යන්ත්‍රය නිරීක්ෂණය සඳහා සවි කළ සි.සී.ටී.වී පද්ධතිය ද රැගෙන ගොස් ඇති බවත් මින්නේරිය පොලිසිය කියයි.

මෙම පුද්ගලයා පිළිබඳව නිශ්චිත හෝඩුවාවක් තවම ලැබී නැත.  පැහැර ගෙන ගිය මුදල පිළිබඳව හෝ තවම දැනුවත් නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

Exit mobile version