මහෙල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ක්‍රීඩා ඇමති තුට්ටුවට දමා ඇමති කමිටුවේ සනත්ලා පච කර එවයි!

cricket-wicket-

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත් කරන ලද සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණික කමිටුව පසුගියදා ක්‍රිකට් ආයතනයට ගොස් කිසිම පිළිගැනීමකින් තොරව තඹකයට නොසලකා හැරීමේ පසුබිමක ලජ්ජාවට පත් වී  ආපසු හැරී ගොස් ඇතැයි ලංකාසරට වාර්තා වේ.

මෙම රැස්වීම ක්‍රිකට් ආයතනයේ පැවති අතර ඇමතිවරයාගේ  තාක්ෂණ කමිටුවේ සාමාජිකයන් තිදෙනෙකු පමණක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා සමග ඊට සහභාගී වී ඇත.

අතර ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන් හා උපදේශක  මහේල ජයවර්ධන ඊට සහභාගි වී ඇති බවත් ඇමතිවරයාගේ කමිටුව මෙම පිරිස විසින් ගර්හාවට ලක් කර ඇති බවත් වාර්තා වේ. .

ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්  කරන ලද කමිටුවක් වුවත් ක්‍රිකට් බලධාරීන් විසින් මෙම කමිටුවේ අදහස් තුට්ටුවකට මායිම් කර නොමැති බව දැනගන්නට ඇත.


ඇමතිවරයාගේ කමිටුවට   ඔවුන් දැනුම් දී ඇත්තේ ක්‍රිකට් ආයතනය ලෙස තමන් වැඩ කරනුයේ වසර දහයක් අරමුණු කරගෙන දියත් කරන වැඩ පිළිවෙලකට අනුව  බවය.

අවසානයේ අකුලාගෙන ආපසු පැමිණි සනත් මේ බව ක්‍රීඩා ඇමතිවරයාට දන්වා තිබේ.

මෙම රැස්වීම අවසන් වී ක්‍රිකට් ආයතනයෙන් පිටතට  පැමිණෙන විට රූපවාහිනී මාධ්‍යවේදීන් රැස්වීම ගැන විමසද්දී  සනත් ඔවුන් මග හැර ගොස් ඇත්තේද මේ නිසා බව පැවසේ.

මෙම රැස්වීමට සහභාගි වූ අනෙක් තාක්ෂණ කමිටු සාමාජිකයන් දෙදෙනා වන ෆර්වීස් මහරූෆ් හා චරිත් සේනානායක වද ක්‍රිකට් බලධාරීන් විසින් ප්‍රශ්න කර ඇත.  ඔවුන් ක්‍රිකට් ආයතනය යටතේ තරග විස්තර විචාරයේ හා ලංකා ප්‍රිමියර් ලීගයේ තාක්ෂණ කමිටුවේ  ධූර උසුලමින් ක්‍රීඩා ඇමතිවරයාගේ කමිටුවක සේවය කිරීම ගැනද ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ

මෙම රැස්වීමට ඇමති තාක්ෂණ කමිටුවේ සෙසු සාමාජිකයන් වන අසන්ත ද මෙල් හා කපිල විජේගුණවර්ධන සහභාගි වී නොමැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කපිල විජේගුණවර්ධන මේ දක්වා ඔහුගේ පත්වීම් ලිපියද භාරගෙන නොමැති බව වාර්තා වේ.

 

Exit mobile version