මහෙල ශ්‍රී ලංකා යෞවනයින් අතරමැද හැර දමා යයි…

බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයකු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන අර්ධ අවසන් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානයට පරාද වීමත් සමග එරටින් පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ.

ඉන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම පස් වන ස්ථානය සඳහා තවත් තරග දෙකකට මුහුණ දීමට නියමිතව තිබියදී ඔහු මෙසේ කණ්ඩායම හැර ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහේල නොමැතිව ඊයේ (30) තරග වැදුණු ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාව පරාජයට පත් කළ අතර නායක දුනිත් වෙල්ලාලගේ ශතකයක්ද වාර්තා කළේය.


Exit mobile version