මහින්ද ඉවත්කර නව අගමැතිවරයෙක්   පත් කරන්න… පක්ෂ 11 ජනපතිගෙන් කරන අවසන් ඉල්ලීම අද…

mahinda-rajapaksa

වත්මන් අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කර නව අගමැතිවරයෙක්  යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවනවාද නැද්ද යන්න සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ දේශපාලන පක්ෂ 11ක නායකයින් හා නියෝජිතයින් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (10 ) පැවැත්වේ.

මේ සම්බන්ධව අද ජනාධිපතිවරයා ස්ථිර තීරණයක් නොලද හොත් ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගය සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට සහය ලබා දෙන බව  එම දේශපාලන පක්ෂ පවසා ඇත.

රට තුළ උද්ගතව ඇති වත්මන් තත්වය මත නිශ්චිත කාලසීමාවක් සඳහා අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කරන ලෙස දේශපාලන පක්ෂ 11 විසින් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කර තිබිණි.


එම ඉල්ලීමට මෙතෙක් ජනාධිපතිවරයා පිළිතුරු ලබා දී නැති බවත් අද පැවැත්වෙන   සාකච්ඡාවේ දී ඒ පිළිබඳව   ස්ථිර පිළිතුරක්  ලබාදිමට සූදානම් බවත් එම කණ්ඩායමට අයත් නායකයෙක් ලංකාසරට පැවසීය.

පක්ෂ 11 ජනාධිපතිවරයා වෙත එවන ලද  ලිපියෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති, තීරණ ගැනීම, හා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලින් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවීම, අන්තර්කාලීන ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා සීමිත අමාත්‍යාංශ සංඛ්‍යාවක් සහ ඒවාට අයත් විෂය පථය ජාතික විධායක සභාව   විසින් තීරණය කිරීම, ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත් කිරීම ඇතුළු කරුණු 11ක් ඇතුළත් මෙම ලිපිය පක්ෂ 11 විසින් පසුගියා දා ජනපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ලිපියේ අඩංගු කරුණු සම්බන්ධයෙන් අද අවසන් එකඟතාවයක් ඇති කරගන්නා බව ඔහු වැඩිදුරටත් කීය.

Exit mobile version