මහින්දානන්දගේ කටේ ගෑස් රටේ නෑ ! ලිප ගිනි මෙලවුනේ නැති අඳුරු අවුරුද්දේ මිනිස්සු පෝලිම්වල!

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට පෙර හිගයකින් තොරව ගෑස් ලබාදීමට රජයේ මැති ඇමතිවරුන් 50කගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවට විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එවකට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ මහින්දානන්ද අලුත්ගමගේ සහතික වුවද අද වනවිටද ගෑස් පෝලිම් දැක ගත හැකි අතර ගෑස් නොමැති වීම හේතුවෙන් විශාල පිරිසක් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව අප වාර්තාකරුවෝ පවසති.

රජය වනුවෙන් මෙලෙස පොරොන්දුවක් දුන් අමාත්‍ය අලුත්ගමගේ නියෝජනය කරන මහනුවර දිස්ත්‍රිත්කයේ   මේ අර්බුදය අතිශයින් උග්‍රව පවතින අතර එම තත්ත්වය තුළ ජනතාව තවමත් කායික සහ මානසික පීඩනයට ලක්ව සිටිති.

අමාත්‍ය අලුතගමගේ සඳහන් කළේ ගෑස් ලබා ගැනීම සඳහා ඩොලර් වෙන් කිරීමට රජය කටයුතු කරන්නේ එක නැවකින් රුපියල් මිලියන ගණනක පාඩුවක් ද සිදු කරගෙන බවය. නියමිත වෙලාවට ජනතාවට කරදරයකින් තොර ගෑස් ලබා ගැනීමට උත්සව සමයේදී අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දි ඇති බව ඔහු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට පැමිණ සඳහන් කළේය.

මෙම ගෑස් අධීක්ෂණ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට සෑම දිස්ත්‍රික්කයකම නියෝජනය වන පරිදි අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරු 50කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි කරගෙන විශේෂ වැඩපිළිවෙළක් සකසන බවද   සඳහන් කරමින් ඔහු මීට සති දෙකකට පමණ පෙර පැවසූයේ එබැවින් අලුත් අවුරුදු සමයේ ගෑස් හිගයක් පිළිබඳව බියක් ඇති කර නොගත යුතු බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අමාත්‍යවරයාගේ මෙන්ම රජයේ මෙම ප්‍රකාශ තවදුරටත්  වලංගු නැත. ගම්පහ දිස්ත්‍රික්කයේ ගෑස් අලෙවිසල්වල ගෑස් නැත. රටේ සෑම දිස්ත්‍රික්කයකම ගෑස් කඩ ඉදිරිපිට ගෑස් පෝලීම්ය.

Exit mobile version