මහා සංගීතඥ එස්.පී.බාලසුබ්‍රමනියම් කොවිඩ් ගොදුරක් වී ලොවෙන් සමු ගනී.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා රෝහල්ගතව සිටි ජනප්රිය ඉන්දියානු ගායක එස්.බි බාලසුබ්රමනියම් එම වසංගතයේ   ගොදුරක් වී අද (25) අභාවප්රාප්ත විය .

S.P.Balasubramaniyam
එස්.පි.බාලසුබ්‍රමනියම්

මිය යන විට ඒ මහතා 74 වන වියේ පසු වූ අතර ,ඉන්දියාවේ භාෂා 16කින් පනස් දහසකට අධික ගීත සංඛ්‍යාවක් එතුමා විසින් ගායනය කර ඇත.

ලොවක් නැලවූ ප්‍රභූ සංගීතඥ  එස්.පී.බාලසුබ්‍රමනියම් ගේ අභාවයෙන් මුලු ඉන්දියාවම   කම්පනය වූ බවත් කොරෝනා වෛරය ඉන්දියාවට කළ විශාලම අනතුර මේ මරණය බවත් ඉන්දියානු මාධ්‍යය වාරතා කර තිබිණි.


74 හැවිරිදි වියේ පසුවුණු මේ විශිෂ්ට සංගීතඥයා ඔහු අගෝස්තු 5 වන දින චෙන්නායි හි චූලයිමේඩු හි එම්.ජි.එච්. රෝහලට ඇතුළත්ව තිබුණේ  ඉතා සාමාන්‍ය රෝග ලක්ෂණ පමණක් ඇතිවෙමින් තිබිය දී ය.

කෙසේවෙතත්, රෝහල් කළමනාකාරිත්වය අගෝස්තු 14 වන දින කම්පනය උපදනවන  ආරංචියක් ලබා දුන්නේය. ඒ  13 වන දින රාත්‍රියේ සිට බාලසුබ්‍රමනියම්ගේ තත්වය   හදිසියේම නරක අතට හැරී ඇති බවය.  අනතුරුව ඔහුව දැඩි සත්කාර ඒකකයට යොමු කෙරිනි.

වෛද්‍යවරුන්ගේ දැඩි උත්සාහයත්, මිලියන ගණනක රසිකයන්ගේ යාඥාවේත් ප්‍රතිඵලයක් ලෙස මේ අසහාය මනුෂ්‍යයාගේ ජිවිතය සම්බන්ධ බලාපොරොත්තු සහගත තත්වයක් ඇති කළේය.  අවසානයේ දී දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කර භෞත චිකිත්සක ප්‍රතිකාර දිය හැකි මට්ටමට ඔහුගේ තත්වය යහපත් වූ බව ඉන්දීය මාධ්‍යය කීවේය. ඔහු සිටියෙ භෞත චිකිත්සාවටත් හොඳ ප්‍රතිචාර දක්වමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් අවසානයේ මේ අසහාය සංගීතඥයා අද (25) ලෝකයෙන් සමු ගත්තේය. ඒ කොරෝනා රෝගියෙක්  ලෙසය. මේ අසහාය මනුෂ්‍යයා ලැබිය යුතු ගාම්භීර අවසන් ගෞරවවලින් තොරව අතිශ්‍ය හුදකලාව අවසන් ගමන් යෑමට නියමිතය.

 

Exit mobile version