මහා විනාසයක් වළක්වා ගත හැක්කේ මහ මැතිවරණයකින් පමණයි… සුමන්තිරන්

දිනසේන රතුගමගේ –

රටේ ජනාධිපතිවරයාගේ පත්වීම සදාචාරාත්මක නොවන බවට ජනතාව තුළින් විශාල විරෝධයක් පැන නැගී ඇති නිසා වහාම මහ මතිවරණයක් පවත්වා නව රජයක් ඉතාම ඉක්මනින් පිහිටුවිය යුතුව ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්   පවසයි.

එක් පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනක් හිමි පුද්ගලයෙකු ජනාධිපතිවරයා වීම කෙරෙහි ජනතාවගේ විශාල අප්‍රසාදයක් පවතින බවද ඔහු කියා සිටියි.

එම පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයද ජනතා වරමකින් ලබා ගත් එකක් නොවන නිසා මේ විරෝධය ඉතා විශාල වී රට තුළ යළිත් අරගලකාරී ස්වරූපයක් හට ගෙන ඇති බවද ඔහු  පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත් වීමත් සමගම ගාලු මුවදොර අරගලය පැවති ස්ථානයේ සිදු වූ සෑම ක්‍රියාවක්ම නීතියට පටහැනි මෙන්ම ඉතා ම්ලේච්ඡ ස්වරූපයක් ගත් බවත් පවසන මන්ත්‍රීවරයා නීතිය තුළ එවැනි සිදුවීම්වලට    කෙසේ හෝ ඉඩක් නොමැති බවද සදහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා ජනතා අරගලයන් තවත් උත්සන්න වීමට පෙර මහ මැතිවරණයකට ගොස් නව රජයක් පිහිටුවා ගැනීම ඉතාම වැදගත් බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

Exit mobile version