මහාවීර දිනය සමරන්න එල්.ටී.ටී.ඊ සොහොන් සුද්ද කරන්න ගිය ශ්‍රී ධරන්ට පොලිසිය හරස් වෙයි…

දිනසේන රතුගමගේ –

එල්.ටී.ටී.ඊ.සංවිධානයේ මහ විරු දිනය සැමරීම සදහා කිලිනොච්චියේ කනකපුරම් සුසාන භූමිය සුද්ධ පවිත්‍ර කිරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් ඇතුලු පිරිසකගෙන්  15 දා පොලීසිය ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගෙන තිබේ.

නොවැම්බර් 27 වෙනිදාට යෙදී තිබේන මහවිරු දිනය සැමරීම සදහා කිළිනොච්චියේ විශාල පිරිසක් කනකපුරම් සුසාන භූමිය වෙත ගොස් මියගිය එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගේ සොහොන් කොත් වලට මල් තබා වැද ආචාර කොට සුසාන භූමිය සුද්ධ කිරීම ආරම්භ කොට තිබේ.

මේ අවස්ථාවට ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ස්මග උතුරු පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය එස්.කුරුකුලරාජ්,හිටපු පළාත් සභා මන්ත්‍රී කේ.පසුපතිපිල්ලේ,කරච්චි ප්‍රාදේශීය සභාවේ සභාපති අරුණාසලම්  වෙලේමලිකිත්තාන් සමහ තවත් බොහෝ දෙනෙකු සිට ඇත.


මේ පිළිබදව තොරතුරු ලැබීමත් සමගම කිලිනොච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් ගොස් අදාල පුදගලයින්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී සුසාන භූමියක් සුද්ධ පවිත්‍ර කිරීම වරදක් නොවන නිසා ඕනෑම අයෙකුට එය කළ හැකි බවට මන්ත්‍රීවරයා ඇතුලු පිරිස තර්ක කොට තිබේ.

නමුත් පොලිස් නිඅල්දාරීන් එම ස්ථානයේ සිටි දේශපාලනඥයින්ගෙන් ප්‍රශ්න කොට  ප්‍රකාශ ලබා ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිළිනොච්චිය කනකපුරම් සුසාන භූමිය සුද්ධ පවිත්‍ර කිරීමට පැමිණි පිරිසද ශ්‍රමදානයක් මගින් එය සිදු කොට තිබේ.

Exit mobile version