මහාචාර්ය රන්ජිත් බණ්ඩාර දිළුම් ගේ ලේකම්වරියකට තර්ජනය කරලා… ලේකම්වරිය පොලිසි යයි!

තමන්ගේ කට කපන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය රංජිත් බණ්ඩාර  දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින්  ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම   ගේ කාන්තා කටයුතු පෙරපාසල් හා රූප ලාවන්‍ය කේෂත්‍ර කටයුතු සම්බන්ධිකරණ ලේකම් තක්ෂිලා සෙනවිරත්න  පේරාදෙණිය පොලිසියට වෙත අද (29) පැමිණිල්ලක් කර තිබේ.

පොලිසිය පවසන්නේ ඊයේ දිනයේදි මෙම දුරකථන ඇමතුම මහාචාර්‍ය රංජිත් බණ්ඩාර විසින් ලබා දුන් බවට පැමිණිලිකාරිය පැමිණිල්ලේ සටහන් කර ඇති බවය.

මෙම දුරථන ඇමතුම දුන් රන්ජිත් බණ්ඩාර පවසා ඇත්තේ  දිලුම් අමුණුගම ගේ සම්බන්ධීකරණ ලේකම්වරිය ඔහුට විරුද්ධව යම් කිසි දෙයක් ප්‍රකාශ කර ඇතැයි තමන්ට දැනගන්නට ලැබුණු  බවත්,  එය සත්‍යයක්නම් නිවසටම පැමිණ ඇයගේ  කටේ සිට කණ දක්වා කපා දමන බවත් යැයි පැමිණිල්ලේ සටහන්ව ඇතැයි පේරාදෙණිය පොලිසිය කියයිත

ලේකම්වරිය පවසන්නේ    තමා සහ දියණිය පමණක් නිවසේ පදිංචිව සිටින නිසා මෙම ප්‍රකාශය හේතුවෙන් තමන් බියෙන් පසුවන බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව කල විමසිමකදි මහාචාර්‍ය රංජිත් බන්ඩාර   පවසා සිටියේ ඇය වෙත දුරකතන ඇමතුමක් ගත් බවත් මේ වගේ සිද්ධියක් ජේ.වී.පී භිතිය ඇති සමයේ කලානම් ඔවුන් විසින් කටකපනු ඇතැයි පවැසු බවත් තර්ජනය නොකල බව ත් ය.

 

Exit mobile version