මහාචාර්ය චරිත හේරත් කෝප් කමිටුවෙන් හැළෙයි !

හොරු, ඩීල් කාරයන් දිනුවා චරිත කියයි

පොදු ව්‍යාපාර පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාව හෙවක් කෝප් කමිටුව සඳහා නව සාමාජිකයන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලැබ ඇති අතර හිටපු කෝප් කමිටු සභාපති පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ගේ නම මේ ලයිස්තුවට ඇතුළත්ව නැත. ඒ පිළිබඳව අප්‍රසාදය පළ කරමින් සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබන මහාචාර්යවරයා තමන් බලාපොරොත්තු වූ පරිදිම තම නම නම කෝප් කමිටු මන්ත්‍රි ලයිස්තුවට ඇතුළත්ව නැති බවත් හොරුන් ඩීල් කාරයන් සහ මෙම දූෂිත ක්‍රමයට කැමැති පුද්ගලයන් ජයග්‍රහණය කර ඇති බවත් පවසයි. මේ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුනවර්ධන පිළිබඳව ලජ්ජා විය යුතු බවද ඔහු පවසා ඇත.

මේ අතර අද පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු සැසියේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පෙර කථානායකවරයා සහ පාර්ලිමේන්තු කමිටු සාමාජිකයන් එකඟ වූ පරිදි පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවේ සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂ මන්ත්‍රිවරයකුට ලබා දෙන ලෙස යළිත් ඉල්ලා සිටියේය. මේ සඳහා කතානායකවරයාද එකඟවී ඇති හෙයින් ස්ථාවර නියෝග වෙනස් කිරීමෙන් හො අදාළ අවස්ථාව විපක්ෂ මන්ක්‍රිවරයකුට ලබා දිමට රටට සුදුසු බව අවධාරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද නම් කරන ලද කෝප් කමිටු සාමාජිකයන් පහත දැක්වේ.


Exit mobile version