මහවැලි ගඟේ ගිලිණු පේරාදෙණිය සරසවි වෛද්‍ය සිසුවා මිය යයි!

death

පසුගිය 23 දා නාවලපිටිය රෝහලේ සායනික පුහුණු කටයුතු වලට ගොස් නැවත සරසවිය වෙත පැමිණෙන අතරතුර  මහවැලි ගංඟාවේ ගල්පොත්ත නැමැති ස්ථානයේ දිය නෑමට ගොස් දියේ ගිලී අසාධ්‍ය තත්ත්වයෙන් නාවල පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ වෛද්‍ය ශිෂ්‍යයා අද (04) උදේ මිය ගොස් තිබේ.

මෙම ඛේදනීය මරණයට ගොදුරු වන්නේ   කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි ඉසුරු මදුෂාන් තිලකරත්න නැමැති වෛද්‍ය සිසුවෙකි.

සායනික පුහුණුව අවසන් කර පැමිණෙන සිසුන් 45කගෙන් පමණ යුතු කණ්ඩායමකින්   සිසුන් 12 දෙනෙක්  මහවැලි ගඟේ සුන්දර ප්‍රදේශයක් ලෙස ප්‍රසිද්ධ ගල්පොත්ත නැමැති ස්ථානයෙන් දිය නෑමට පසුගිය 23 වැනිදා විශ්වවිද්‍යාල බස් රථයෙන් බැස ගොස් තිබිණි.

මෙම කණ්ඩායම දිය නාමින් සිටිය දී  සිසුන් සිවු දෙනෙක්  දියේ ගිලී ඇති අතර ඔවුන්ගෙන් තුන් දෙනෙක් මහත් පරිශ්‍රමයක් දරා ජලයෙන් පිටතට රැගත් නමුත් මිය ගිය  සිසුවාට ගොඩට පැමිණීමට විනාඩි 20ක පමණ කාලයක් ගත වී තිබේ. .


වෛද්‍ය සිසුන් මූලික ප්‍රතිකාර ලබා දෙමින් ඔහු නාවලපිටිය රෝහලට ඇතුළත් කර තිබුණු අතර  රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත. ඔහු ඒ වනවිටත් සිටියේ අසාධ්‍ය තත්ත්වයෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දින 11ක් දැඩි සත්කාර ඒකකයේ ජීවිතය සමග පොරබදමින් සිටි මෙම වෛද්‍ය සිසුවා අද ජීවිතය හැර ගොස් ඇත.

Exit mobile version