මහර බන්ධනාගාරයේ ගිනිඅවි 49ක් පොලිස් භාරයට

මහර බන්ධනගාරයේ ගැටුම හට ගත් අවස්ථාවේදී එහි නිලධාරීන් විසින් භාවිත කළ බවට සැලකෙන ගිවි අවි 49ක් මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

පසුගියදා සිදුවූ ගැටුම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණවලට අදාළව රාගම පොලිසිය මඟින් තම භාරයට ගෙන ඇති ගිනි අවි අතර ටී 56 ස්වයංක්‍රීය ගිනි අවි, රිපීටර් තුවක්කු සහ පිස්තෝල පවතින බව පොලිස් අරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ගිනි අවි පොලිස් භාරයට ගෙන ඇත්තේ පසුගියදා සිදුවූ ගැටුම හේතුවෙන් මිය ගිය රැඳවියන් වෙඩි වැදීමෙන් ඇති වූ තුවාල හේකුවෙන් මරණයට පත් වූ බවට ඒ පිළිබඳව පත් කළ අධිකරණ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥ කමිටුව විසින් දෙන ලද නිගමනයට අනුව පරීක්ෂණ සිදු කිරීම සඳහාය. මෙම ගිනි අවි පරීක්ෂා කර බලා ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයාගෙන්ද වාර්තාවක් කැඳවා ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සඳහා අදාළ වර්තා ඉදිරිපත් කිරීමට නියමිත බවද එම පොලිස් ආරංචි මාර්ග ලංකාසරට සඳහන් කළේය.


Exit mobile version