මහර ගැටුමට මුල පිරූ “බොසා“ හඳුනා ගනී

මහර බන්ධනාගාරයේ සිදුවූ කළහකාරී සිදුවීම ආරම්භයට මුල පුරා ඇත්තේ ද්විත්ව මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත ව සිටින  “බොසා“ නැමති රැඳවියකු බව අනාවරණය වී ඇති අතර ඔහු ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශණ අංශ අවධානය යොමු කර ඇති බව අනාවරණය වෙයි. බොසා නැමති අනවර්ථ නාමයෙන් හඳුන්වන මෙම රැඳවියා තවත් පිරිසක් සමඟ පැමිණ රෝහලේ ඖෂධාගාරයේ ඒ මොහොතේ සේවය කරමින් සිටි හෙද නිලධාරියකු සහ උපස්ථායකවරයකු ඔවුන්ගේ ග්‍රහණයට ගෙන ඖෂධ ලයිස්තුවක් ඉදිරිපත් කොට එම ඖෂධ බලහත්කාරයෙන් ලබාගෙන ඇති බව විමර්ශණවලදී අනාවරණය වී තිබේ.

මේ වනවිට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකක් වශයෙන් තම විමර්ශණ ආරම්භ කර ඇති අතර ඔවුන් වෙත හෙළිදරව් වී ඇති පරිදි මෙම ඖෂධ ලබා ගැනීමෙන් පසුව ඔවුන් බන්ධනාගාර අධිකාරීවරයාගේ කාර්යාලයට ගොස් එහි තැන්පත් කර තිබූ කෞතුක භාණ්ඩ වශයෙන් පැවැති පැරනි කඩු දෙකක් ගෛන ගැටුමට මුල පුරා ඇත. රැඳවියන් විසින් ගන්නා ලද ඖෂධ මොනවාද මෙම ක්‍රියාවට පසුබිම් වූ  කරුණු මොනවාද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශණය කෙරෙමින් පවතින බව පොලිස් අරංචි මාර්ග තවදුරටත් ලංකාසරට හෙළිදරව් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් කොවිඩ් 19 වයිරසය වැලඳුණු අයට ප්‍රතිකාර ලබා දිය යුතු බව සහ පීසීආර් පරීක්ෂණ කළ යුතු බවට විරෝධතා පළ කළ බවද අනාවරණය වී ඇති අතර රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රතිකාර සඳහා රෝහලකට යොමු කළේ නම් ඔවුන්ද එසේ රෝහල්ගත කරන ලෙස බන්ධනගාර බලධාරීන් හමුවේ බලකර ඇති බවද හෙළි වී තිබේ.


Exit mobile version