මහර කැරලිකරුවන්ට වැලිකඩින් පාන් යවයි

මහර බන්ධනාගාරයේ උද්ගතව ඇති තතත්වය මත ඔවුන්ට එහි ආහාර පිසීමේ පවතින අපහසුතාව හේතුවෙන් අද උදෑසන ආහාරය සඳහා පාන් රාත්තල් දෙදහසක් වැලිකඩ බන්ධනාගාරයෙන් යැවූ බව වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මහර සිටින රැඳවියන්ගේ උදෑන ආහාර සඳහා මෙම පාන් යවා ඇති අතර එම බන්ධනාගාරයේ රැඳවියන් 3200කට ආසනන් ප්‍රමාණයක් රඳවා සිටින බව සඳහන් වේ.

ඊයේ රාත්‍රිෙය් සිට රැඳවියන් විසින් ආරම්භ කරන ලද කැරලිකාර තත්ත්වය මත ඔවුන් ගිනි කතබා ඇති දේපළ අතර බන්ධනාගාර මුළුතැන්ගෙය සහ ඒ ආශ්‍රිත ගබඩා ද පවතින බව සඳහන් වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බන්ධනාගාර නිලධාරීන් සඳහන් කළේ මේ වනවිට ගින්න මුළුමනින්ම නිවා දමා ඇති අතර නොසන්සුන්කාරී තත්ත්වයද අඩුවෙමින් පවතින බවය.

Exit mobile version