එක්ස්ප්‍රස් පර්ලි අනතුර ගැන ලබන 10 වැනිදා පාර්ලිමේන්තු විවාදයක්

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව පාර්ලිමේන්තු විවාදය ලබන  මැයි 10 වැනිදා බදාදා පැවැත්වීමට අද රැස්වු පාරලිමෙන්තු කටයතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. එම විවාදය එදින පෙරවරු  9.30 සිට පස්වරු 6.30 දක්වා පැවත්වීමට නියමිත බව පාර්ලිමේන්තුව  නිවේදනය කරයි.

කාරක සබාව විසින ගන්මේන ලද තීරණයන්ට අනුව  අනුව පාර්ලිමේන්තුව මැයි 9 සිට 12 වැනිදා දක්වා රැස්වීමට නියමිත අතර වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා මැයි 9 වැනිදා පමණක් පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වෙන්කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2021 වසරේ මැයි මාසයේදී සිදුවු එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර මෑත කාලයේ සිදුවූ දැවන්තම සාගර පාරිසරික අනතුරක් වන අතර ශ්‍රි ලංකාවේ සාගර කලාපයේ සිදුවූ දරුණුතම සහ හානිදායකම අනතුර ලෙසින් සැලකේ. මෙම අනතුරට වගකිව යුකු පාර්ශ්වවලින් වන්දි ලබා ගැනීම සඳහා ශ්‍රි ලංකා රජය නඩු පැවරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් දැඩි විවේදන එල්ල වූ අතර පසුගියදා නීතිපති දෙපාර්තමේන්තුව මීට අදල වන්දි නඩුව සිංගප්පූරුවේදී ගොනු කළ බව ප්‍රකාශ කළේය. කෙසේ වුවද මෙම නඩුව ප්‍රමාද කිරීමත් එය ශ්‍රි ලංකවේ දී නඩු නොපැවරීමත් දැඩි කතා බහට ලක්වූ අතර මේ වනවිට ඒ පසුපස සිදුවූ දැවැන්ත දූෂණයන් පිළිබඳවද පසුගියදා පාර්ලමේනතුවේදි කතා බහට ලක්විය.

 

Exit mobile version