මහබැංකු  අධිපති තනතුර කැබිනට් අමාත්‍ය වරප්‍රසාද සහිතව ඔසවා තබයි….

cabral

මහබැංකු අධිපතිගේ තනතුර කැබිනට් අමාත්‍ය තනතුරට සමාන ශ්‍රී ලංකා තනතුරු ධූරාවලියේ පස්වන ස්ථානයට ඇතුළත් කිරීමට රජය තීරණය කර තිබේ.

තනතුරු ධූරාවලියේ පස්වන ස්ථානයෙහි මෙතෙක් පිහිටුවා තිබුණේ විපක්ෂ නායක ධුරය, කැබිනට් අමාත්‍ය ධුර, ෆීල්ඩ් මාර්ෂල් ධුරය ය.

එම ධුරාවලියේ පස්වන තැන දක්වා මහබැංකු අධිපති තනතුර ඔසවා තබා ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරට පුද්ගල නිල ධුරාවලියේ පළමු තැන රටේ විධායක ජනාධිපතිවරයාට හිමිය.  දෙවන තැන අග්‍රාමාත්‍යවරයාටත්, තුන්වන තැන කථානායකවරයාටත්, සිවුවන තැන අගවිනිසුරුවරයාටත් හිමි වේ.

Exit mobile version