මහබැංකුවේ ආනයන සීමා ප්‍රතිපත්තිය වැරදි යයි ජනපති ලේකම් පීබී කියයි

ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් පසුගියදා ආනයනය කරන භාණ්ඩ 600 කට වැඩි ප්‍රමාණයක් සඳහා සීමාපැනවීමෙන් මෙරටට විදේශ විනිමය ගනෙන අපනයන සේවා ව්‍යාපාරයක් වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට බාධා පමුණුවන බැවින් එය යළි සලකා බැලිය යුතු බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා පවසයි.

‘ද එකොනොමි නෙක්ස්ට්’ වෙබ් අඩවියට අදහස් දක්වමින් හිටපු භාණ්ඩාගාර ලේකම්වරයකු වන ජනාධිපති ලේකම් ආචාර්ය ජයසුන්දර තවදුරටත් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ එවැනි සීමා කිරීම් කොවිඩ් -19 වසංගතය නිසා පසුබෑමට ලක්ව ඇති ආර්ථිකය යළි පුබුදාලීෙම්දී කිසිදු ප්‍රයෝජනවත් බවත් නැති පරස්පර විරෝධී පියවරක් බවය.

මහ බැංකුව විසින් මේ මස මුලදී සිය ආනයන සීමා පුළුල් කරන ලද්දේ ජංගම දුරකථන ඇතුළු විදුලි සංදේශන භාණ්ඩ ඇතුළු අයිතමයන් වෙතය. අසාර්ථක වූ බැඳුම්කර වෙන්දේසි හමුවේ මුද්‍රණය කළ මුදල් (මහ බැංකු ණය) ප්‍රවාහය වැඩි වුවද රට තුළට ගලා එන ඩොලර්වලට වඩා ඒම මුදල් ප්‍රවාහය වැඩි විය.


ජනාධිපති ලේකම්වරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ විශේෂයෙන් පසුගිය වසරේ වසංගතය ආරම්භ වීමෙන් පසු වේගයෙන් ඉහළ යන විදේශ විනිමය උත්පාදන යන්ත්‍රයක් වූ තොරතුරු තාක්‍ෂණ කර්මාන්තයට (අයිටී) මෙම සීමා දැඩි බලපා ඇති බවයි.

“තොරතුරු තාක්‍ෂණය යනු අපනයන වේගයෙන් ඉහළ ගොස් ඇති අංශයක්. තොරතුරු තාක්‍ෂණ කර්මාන්තයම කියා සිටින්නේ තමන් මේ වසරේදී ඩොලර් බිලියන 1.7 ක් ඉලක්ක කරගත් බවයි හැවින පසුබිමක් තිබියදී මහ බැංකුව තොරතුරු තාක්‍ෂණ නිෂ්පාදන සඳහා සියයට 100 ක ණය ආන්තිකයක් පනවා තිෙබනවා. ඒය කිසිෙස්ත් හිතකර ත්ත්වයක් ෙනාෙව්. සෞඛ්‍ය සම්පන්න නොවේ.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ ආර්ථිකය යලි නගා සිටුවීෙම් සැලැස්ම සාමූහිකව සිදු කෙරෙන බැවින් එහිදී මුදල් ප්‍රවාහය යළි ලබා ගැනීම සඳහා එම කරුණු නැවත සලකා බැලිය යුතුයි.

Exit mobile version