මහනුවර වැසුණු පාසල් 42ක් සඳුදා සිට ඇරේ – 3ක් තවදුරටත් වහලා

මහනුවර නගර සීමාව තුල වසා දැමුණු පාසල් 45 න් 42ක් ලබන සඳුදා විවෘත කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පවසයි.

ඒ අනුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කලෙයිමගල් දෙමළ විද්‍යාලය සහ තක්ෂිලා විද්‍යාලය පමණක් තවදුරටත් වසා තැබෙන අතර සෙසු පාසල් ලබන 14 වැනිදා වැනි දා විවෘත කිරීමට නියමිතව තිබේ.

මහනුවර නගරය ආසන්නයේ කොවිඩ්-19 වසංගතය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ තත්ත්වයක් පවතින නිසා පසුගිය සති 3ක පමණ කාලයක් මහනුවර නගර සීමාව තුළ පැවති පාසල් 45ක් වසා දැමීමට කටයුතු කෙරුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර දිස්ත්‍රික්කයේ ඊයේ වනවිට මහනුවර නගර සීමාවේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 471ක් ලෙස වාර්තා වී ඇත.

Exit mobile version