මහනුවර රෝහලේ ගිලන් රථ රියදුරන් සහ ආරක්ෂක නිලධාරීන් ගැටුමක්… 4ක් රෝහල්ගත වෙයි…

මහනුවර රෝහලේ ගිලන්රථ රියදුරන් හා ආරක්ෂක අංශ  නිලධාරීන් අතර ගැටුමකින්  ගිලන් රථ රියදුරෙක් සහ ආරක්ෂක අංශ නිලධාරීන් තිදෙනෙක් තුවාල සහිතව රෝහල්ගත වී ඇතැයි මහනුවර රෝහල් ආරංචි මාර්ග කියයි.

දැනගන්නට ඇති පරිදි සිද්ධිය මෙසේය.

මහනුවර රෝහලේ සේවයේ යෙදී සිටි ආරක්ෂක අංශ නිලධාරියෙක්  අද (08) සවස 5ට පමණ   කුඩයක් කරකවමින් පැමිණ ඇත. එසේ එන විට කුඩය අසල සිටි ගිලන් රථ රියදුරෙකුගේ ඇඟේ වැදී තිබේ.


එම සිද්ධිය බහින්බස් වීමක් වී ගුටි බැට හුවමාරුවක් තෙක් දුර දිග ගොස් ඇත.  ගුටි හුවමාරුවෙන් පසු තුවාල ලද ගිලන් රථ රියදුරු රෝහල්ගත වී තිබේ.

මේ සිද්ධියෙන් කුපිත වූ ගිලන් රථ රියදුරන් එකතු වී ඒ අවස්ථාවේ සේවයේ නිරත වී සිටි සියලුම ආරක්ෂක නිලධාරීන්ට පහර දී ඇත.

එම පහර කෑමෙන් තුවාල ලද ආරක්ෂක අංශ නිලධාරීන් තිදෙනෙක් රෝහල්ගත වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට සිද්ධිය සමතයකට පත් වී ඇති අතර මහනුවර රෝහල් පොලිසිය සහ මහනුවර පොලිසීය පරීක්ෂණ පවත්වයි.

Exit mobile version