මහනුවර රෝහලේ කොවිඩ් දේහයක් පීසීආර් ප්‍රතිඵලයට කලින් ඥාතීන්ට දෙයි

මහනුවර රෝහලට ඊයේ (13) හදිසි හෘදයාබාධයක් හේතුවෙන ඇතුළත් කෙරුණු කොවිඩ් ආසාදිත රෝගියකු ගේ දේහය පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වීමට මත්තෙන් රෝහලෙන් ඥාතීන් වෙත බාර දීමේ සිදුවීමක් වාර්තාවේ. 69 හවිරිදි මෙම රෝගියා හෘදයාබාධ යක් මත ඊයේ මහනුවර හෘද රෝග ඒකකයේ දැඩි ප්‍රතිකාර ඒකකය වෙත යොමු කරනු ලැබ ඇති අතර එහිදී ප්‍රතිකාර අතරතුර මෙම රෝගියා මියගොස් ඇත. පසුව පී.සී ආර් පරීක්ෂණ සාම්පලද ලබාගෙන ඇත.

කෙසේ වුවද අද මෙම දේහය ඥාතීන් වෙත බාර දි ඇති අතර ඔවුන් එය සිරිමල්වත්ත පිහිටි නිවස වෙත ගෙන ගොස් තිබේ. මේ අතර අද සවස වනවිට පී.සීආර් ප්‍රතිඵල නිකුත් වී ඇති අතර එහිදී ඔහු කොවිඩ් 19 වෛරස ආසාදිතයකු වට තහවුරු වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට මෙම දේහය එම නිවසේ තබා ඇති බව වාර්තා වන අතර හෙට දිනයේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය. මෙම දේහය පීසීආර් ප්‍රතිඵල ලැබීමට පෙර පිට වූයේ කෙසේ ද යන්න පිළිබඳව මේ වනවිට විශාල ගැටලුවක් ඇතිව තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


Exit mobile version