මහනුවර රෝහල් මෝචරියේ  සේවක මණ්ඩලය අද  සිට වර්ජනයේ .   

කොවිඩ් ආසාදිත මළ සිරුරු ආදාහනය කිරිමට පියවර නොගෙන තවමත් මෘත ශරිරාගාරයේ ශීතාගාර තුළ තබා තිබීම සෞඛ්‍යයට තර්ජනයක් බැවින් සේවය කල නොහැකි බව පසමින් මහනුවර ජාතික රෝහලේ මෝචරියේ සේවක මණ්ඩලය    වැඩවර්ජනය කිරිමට තීරණය කර ඇත.

මේ පසුබිම තුළ  මේ වන විට මරණ පරික්ෂණයට ලක්කළ යුතු මළසිරුරු පහක් මෘත ශරිරාගාරයේ තබා ඇති අතර ඒවායෙහි පරික්ෂණ අවසන් කර ගත නොහැකි තත්ත්වයක් පවතින බව  මහනුවර ජාතික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සිව සුබ්‍රමනියම් පැවසීය.  කොවිඩ් ආසාදිත මළ සිරුරු දෙකක් මෘත ශරිරාගාරයේ තබා ඇති බැවින් සේවක මණ්ඩලය සේවයට පැමිණිමට මැලි කරන බව ද හෙතෙම කීය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වය වහා නිරාකරණය කර ගැනීමට පියවර නොගත හොත් , රෝහලේ මෘත දේහ ගොඩගැසීමට ඉඩ ඇතැයිද ඔහු කීය. 


 

 

Exit mobile version