මහනුවර මහාධිකරණයෙන් මිනීමරුවෙකුට මරණ දඬුවම!

suicide

මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් දර්ශිකා විමලසිරි   විසින් ඊයේ (30)  පස්වරුවේ  මහනුවර මහාධිකරණය ජූරි සභාවක් ඉදිරියේ විභාග වූ නඩුවකින් වරදකරු වූ පුද්ගලයකුට මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.

මරණීය දණ්ඩනය හිමිවූයේ ජයසිංහ මුදියන්සේලාගේ ලක්ෂ්මන් ජයසිංහ නැමැති අයටය.

මෙම පුද්ගලයා විසින්   2014 වසරේ ජනවාරි 6 වැනි දින පුද්ගලයෙකුගේ ශරීරයේ හය පොළකට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියකට සැකකරු ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ආරවුල දුරදිග ගොස් එලෙස මරණයට පත්ව තිබූයේ ටුගස්තොට උගුරැස්ස පිටිය දඩෝගම ප්‍රදේශයේ හේරත් මුදියාන්සේලාගේ ගාමිණී කුමාර කිවුල්දෙනිය යන අයය.


කටුගස්තොට පොලීසිය මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍රයක් මහනුවර මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මහාධිකරණ විනිසුරුවරිය නඩු විභාගය ජූරි සභාවක් සහිතව විමසීමට අවස්ථාව ඇති කළාය.

ඒ අනුව ජූරි සභිකයින් හත් දෙනකුගෙන් සමන්විත නඩු විභාගය 2022 නොවැම්බර් 23 සිට 29 දක්වා අඛණ්ඩව දින හයක් මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේ විභාග විය.

මහනුවර මහධිකරණයේ ජූරි සභාවක් ඉදිරියේ නඩුවක් විභාග වූයේ වසර හතරකට පසුවය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ රණසිංහ මහතා පෙනී සිටියේය අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ධම්මික බණ්ඩාර විජේසුන්දර සහ නීතිඥ මොහොමඩ් හෂීම්   පෙනී සිටියහ. චුදිත වෙනුවෙන් නීතිඥ අමිත් පෙරේරා   සමග නීතිඥ චමල් ද අල්විස්  පෙනී සිටියහ.

නඩු විභාගයට අදාල ජූරි සභාවේ තීරණය ඊයේ පස්වරු තුනට මහාධිකරණ විනිසුරුවරිය වෙත දැනුම් දුන් අතර ජූරි සභාවේ සියලු දෙනා සියළු චෝදනාවලට ඒකමතිකව ඔහු වරදකරු කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන් පසු මහාධිකරණ විනිසුරුවරිය අධිකරණ ශාලාවේ විදුලි බුබුළු නිවා දමා විදුලි පංකා අක්‍රිය කරන ලෙස අණ කළාය. අනතුරුව චූදිතට මරණ දණ්ඩනය නියම කළා ය.

Exit mobile version