මහනුවර අධිකරණ සංකීර්ණය තුල බෝම්බයක් ඇති බවට රාවයක් පැතිර යාම හේතුවෙන් අද (2) පෙරවරු දහය පමණ වන විට අධිකරණ සංකීර්ණය තුල සිටි සියලු පිරිස් ඉන් පිටත් කර යැවීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
මහනුවර අධිකරණ සංකීර්ණය තුල පළාත්බද මහාධිකරණය , මහේස්ත්‍රාත් අධිකරණ ඇතුළු අධිකරණ දහයක් ක්‍රියාත්මක වේ.
අද දින විභාගය සදහා නඩු දහසකට ආසන්න සංඛ්‍යාවක් ඇති අතර බෝම්බ සිද්ධිය කිසියම් නඩු කටයුත්තක් වෙත එල්ල කළ බාධා කිරීමක් ද යන්න සොයා බැලීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.