මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකරට කොවිඩ්…

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති රියර් අද්මිරාල් ( විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකරට කොවිඩ් ආසාදනය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ වනවිට අමාත්‍යවරයා පොලිස් රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගනිමින් සිටින අතර අද දහවල් අයි.ඩී.එච් රෝහල වෙත මාරු කර යැවීමට නියමිතව ඇත.

ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී පැමිණි  පසු ඇති වූ ශාරීරික අපහසුතා නිසා පොලිස් රෝහලට ඇතුළත් වීමෙන් පසු සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයක දී අමාත්‍යවරයාට කොවිඩ් ආසාදිතවී  තිබෙන බව තහවුරු වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට අමාත්‍යවරයා සාමාන්‍ය තත්වයේ පසුවන බව වාර්තා වේ.

 

Exit mobile version