මහකන්නට අවශ්‍ය මුළු බණ්ඩිපොහොර ප්‍රමාණයම සම්පූර්ණයි…

ශ්‍රියානි විජේසිංහ –                                             

මෙවර මහ කන්නයේ වී වගාවට  අවශ්‍ය සම්පූර්ණ බන්ඩි පොහොර (MOP – Muriate of Potash) ප්‍රමාණයම එකවර ඊයේ දිනය (05) තුළ අප රටට ලැබී ඇතැයි  කෘෂිකර්ම අමාත්‍යාංශය අමාත්‍යාංශය කියයි

වාරිමාර්ග හා මහවැලි අමාත්‍යාංශය යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩ සටහනට ( Mahaweli Water Security Investment Programme)  අයත් මුදල් ප්‍රතිපාදන වැය කරමින් මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් බන්ඩි පොහොර මිල දී  ගෙන තිබේ.

මෙට්‍රික් ටොන් 41,876කින් සමන්විත එම සමස්ත බන්ඩි පොහොර තොගය වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් යූ. ඩී. සී. ජයලාල්   විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ඊයේ (05) පස්වරුවේ නිල වශයෙන්  බාර දෙනු ලැබ ඇත.  

ඇමරිකානු ඩොලර් මිලියන 40ක වියදමින් මෙම බන්ඩි පොහොර තොගය කැනඩාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබ තිබේ. 


 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

Exit mobile version